ශ්රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා (Andres Marcelo Gonzales Gorrido) අතර හමුවක් අද (02) ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය. දෙරට අතර පවතින දීර්ඝ කාලීන රාජ්ය තාන්ත්රික සබඳතා සහ මිත්රත්වය ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙම හමුවේ දී අවධානය යොමු විය.