ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (02) දින රටවල් 07ක තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා
සියලු රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා තර කර ගැනීමේ වත්මන් රජයේ ප්රතිපත්තිය අනුව ජනාධිපතිවරයා මෙලෙස විදෙස් තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි..
ඒ අනුව කියුබාව, එක්සත් රාජධානිය, ඕස්ටේලියාව, චිනය, ජපානය, කැනඩාව සහ ඉන්දියාව යන රටවල තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
The post ජනපති රටවල් 07ක තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් හමුවෙයි appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.