ශ්‍රී ලංකාව සමඟ පැවති ටෙස්ට් තරගාවලියෙන් නවසීලන්තය පරාජයට පත්වුවද, නායක ටිම් සවුති බ්‍රයන් ලාරාගේ වාර්තාවක් බිඳ හෙළීමට සමත් වූවේය. සවුති දෙවැනි ටෙස්ට් තරගයේදී එල්ල කළ එකම හයේ පහරත් සමඟ ටෙස්ට් තරගවලදී බටහිර ඉන්දීය කොදෙව් හිටපු නායක බ්‍රයන් ලාරා එල්ල කොට තිබූ හයේ පහර අසූ අටේ වාර්තාව පසු කළේය.
ටෙස්ට් ක්‍රිකට් පිටියේ ටිම් සවුතිගේ නමට හයේ පහර 89ක් වාර්තාවී ටෙස්ට් පිටියේ වැඩිම හයේ පහර වාර්තා කර ඇති 7 වැනි ක්‍රීඩකයා බවට පත්විය. බ්‍රයන් ලාරා හයේ පහර 88ක් සමඟ 8 වැනි ස්ථානයේ පසුවෙයි. මේ ලැයිස්තුවේ පළමු ස්ථානයේ එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස්ගේ නම සටහන්ව ඇත.
ටෙස්ට් ක්‍රිකට්වල වැඩිම හයේ පහරවල් එල්ල කළ ක්‍රීඩකයන් මෙසේය: බෙන් ස්ටෝක්ස් (එංගලන්තය) තරග 105කදී හයේ පහර 131යි, බ්‍රෙන්ඩන් මැකලම් (නවසීලන්තය) තරග 101කදී හයේ පහර 107යි, ඇඩම් ගිල්ක්‍රිස්ට් (ඔස්ට්‍රේලියාව) තරග 96කදී හයේ පහර 100යි, ක්‍රිස් ගේල් (බටහිර ඉන්දීය කොදෙව්) තරග 103කදී හයේ පහර 98, ජැක් කලිස් (දකුණු අප්‍රිකාව) තරග 166කදී හයේ පහර 97යි, විරේන්ද්‍ර සෙවාග් (ඉන්දියාව) තරග 104කදී හයේ පහර 91යි, ටිම් සවුති (නවසීලන්තය) තරග 102කදී හයේ පහර 89යි, බ්‍රයන් ලාරා (බටහිර ඉන්දීය කොදෙව්) තරග 131කදී හයේ පහර 88යි.
ප්‍රින්ස් ගුණසේකර
The post ටෙස්ට් තරගාවලිය පැරදුනත් නායක සවුතිගෙන් වාර්තාවක් appeared first on දිනමිණ.