හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙකු නිවාස බාරදීම සඳහා කරුණු විමසීම් කර ඇති බවද එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් (හිටපු) සඳහා නිකුත් කර තිබෙන රජයේ බංගලා සංඛ්‍යාව පනහකි.
සියලුම රජයේ බංගලා බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශය සියලුම හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට පසුගියදා දැනුම් දුන්නේය.
නිල නිවාස බාර නොදෙන හිටපු අමාත්‍යවරුන්ට ඉදිරියේදී නඩු පවරන බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.
The post රජයේ බංගලා තවම බාර නොදුන් හිටපු මැති ඇමති රොත්තකට නඩු appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.