අවුරුදු 19න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ තරගයකදී ජා ඇළ ක්‍රිස්තුරාජ විදුහලේ අවිෂ්ක නිර්මාල් කරන්දෙණිය මධ්‍ය මහා විදුහලට එරෙහිව පිත්තෙන් දස්කම් දක්වමින් පළමු ඉනිමේදී ද්විත්ව ශතකයක් සහ දෙවැනි ඉනිමේදී ශතකයක් රැස් කිරීමට සමත් විය.
පළමු ඉනිමේදී පන්දු 140කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 21ක් සමඟින් ලකුණු 200ක් රැස් කළ අවිෂ්ක නිර්මාල් දෙවැනි ඉනිමේදී පන්දු 50කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 10ක් සමඟින් ලකුණු 111ක් රැස් කළේය. ක්‍රිස්තුරාජ විද්‍යාලයේ ශාන් නෝනිස් සහ රයන් සචින්ත ද මේ තරගයේදී ශතක රැස් කළහ.
මේ තරගයේදී ක්‍රිස්තුරාජ විදුහල ලකුණු 363කින් කරන්දෙණිය මධ්‍ය විදුහල පරාජය කළේය.
අවිෂ්ක නිර්මාල් මේ වන විට ද්විත්ව ශතකයක් සහ ශතක 2ක් රැස් කිරීමට සමත්වූ අතර ශාන් නෝනිස් ශතක 2ක් රැස් කිරීමට සමත්ව තිබේ.
වත්තල ශාන්ත ජෝශප් විදුහල, රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලය ඉනිමකින් සහ ලකුණු 11කින් පරාජය කළ අතර, අනෙකුත් තරග ජය පරාජයෙන් තොරව අවසන් විය.
ක්‍රිස්තුරාජ විදුහලට ලකුණු 363ක ජයක්
ක්‍රිස්තුරාජ පළමු ඉනිම – 329 (ඕවර 71.2) අවිෂ්ක නිර්මාල් 200, ප්‍රමෝද් චාමික 29 (ලසංග නිමන්ත 58/3, ලෝචන රවිඳු 21/2, ළසිඳු චමෝද් 24/2) සහ දෙවැනි ඉනිම – 330/4 (ඕවර 41.1) අවිෂ්ක නිර්මාල් 111, ශාන් නෝනිස් 107, රයන් සචින්ත 100 (ලසංග නිමන්ත 110/2)
කරන්දෙණිය ම.ම.වි. පළමු ඉනිම – 96 (ඕවර 30.1) ලසංග නිමන්ත 41 (මෙළුක්ෂ හිරුෂාන් 27/3, දිනේන්ද්‍ර රශේන් 13/2) සහ දෙවැනි ඉනිම – 200 (ඕවර 56) සුපුන් සුදීර 76, රවිඳු තේජාන් 32, ලසිඳු චමෝද් 23, චලන අවිශ්ක 21 (සයුර ආකාශ් 63/3, ප්‍රමෝද් චාමික 74/2)
වත්තල සාන්ත ජෝසප් විදුහලට ඉනිමක ජයක්
රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද පළමු ඉනිම – 76 (ඕවර 42.5) දිනෙත් මිහිරංග 27 (අධීෂ සිල්වා 3/3, හසිඳු විදුරංග 4/2) සහ දෙවැනි ඉනිම – 94 (ඕවර 36.3) තාරුක දුනුවර 27 (යෙසිත් සස්මිත 23/6, අධීෂ සිල්වා 19/2)
සා. ජෝසප් පළමු ඉනිම – 185 (ඕවර 51.3) ගෙත්මින් ප්‍රබෝධන 52, හසිඳු විදුරංග 35, විශ්ව පෙරේරා 32, දිනුක පෙරේරා 31 (නිපුන් කෞෂල්‍ය 46/2)
ඉෂානි යද්දෙහි
The post ජා ඇළ ක්‍රිස්තුරාජයේ අවිෂ්කගෙන් ද්විත්ව ශතකයක් සහ ශතකයක් appeared first on දිනමිණ.