මෙරට ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය නිර්මාණකරණයේ විස්මිත නිමැවුම්කරුවෙක් ලෙසින් මට ඔහු හැදින්විය හැකිය. ඊට නිදසුන් සපයන අපුරු නිර්මාණ රාශියක් මගේ මතකයට නැගේ. මෑත භාගයේම මට මතක් වන නිර්මාණය වන්නේ ‘මාණික්කාවතය. මෙරට රූපවාහිනී ප්‍රේක්ෂකාගාරය ආනන්දයෙන් ප්‍රඥාව කරා ගමන් කරවිමේ පෙර ගමන්කරුවෙක් වශයෙන් ස්වකීය නිර්මාණ කාර්යයන් නිරන්තරයෙන් යොමුකරවන්නාවූ ඔහු මේ ගමන් මඟ ඔස්සේ ඉදිරියට පැමිණෙන්නට බොහෝ දුක්ඛ දෝමනස්සයන් වැළඳුවේය. බොහෝ අධ්‍යයනයන් සිදු කළේය. විශිෂ්ටතම ගුරුවරයන් සොයා යමින් අත්දැකීම් සරි කර ගත්තේය. එවන් කැප කිරීම් සහිත ගමනක අවසානයේ ඔහු සොයා පැමිණි කඳු මුදුනතට නැග ගැනීමේ දුර්ලබ හිමිකම ඔහු සාක්ෂාත් කර ගත්තේය. තමන් වැලඳු දුක්ඛ දෝමනස්සයන්ට සාපේක්ෂව ඔහු මෙරට රූපවාහිනි ක්ෂේත්රයට අපූරු නිර්මාණ තිළිණ කළේය. අවිදු අඳුර, අඹු දරුවෝ, යුග විලක්කුව, වනවදුලේ වසන්තය, බැද්දේගෙදර, ගිරිකුල, ස්වයංජාත, කරුවල ගෙදර, ආදී වු මෙකී නොකී නිර්මාණ රැසක් ඒ අතරේ වේ. මේ සියල්ල අතරේ ඔහු මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නිර්මාණ ඇසුරින් කල විකුම්සිහ කතන්දර නම් ටෙලි නාට්‍ය කිහිපයක්ද විණ. මීට වසර 30 ටපෙර ඔහු විසින් ටෙලි තිරයට නිර්මාණය කරන ලද මෙම නාට්‍ය වෙනුවෙන් ඔහු ලියන ලද තිර පිටපත් ග්රන්ථ වශයෙන් එලි දැක්වීම ට ඔහුට මහත් උවමනාවක් විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු විසින් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කෙටිකතාවන් වූ ‘සිසිලියාට පාඩමක්, මව, මුදියන්සේ මාමා සහ උපාසකම්මා යන කෙටිකතාවන් ඇසුරින් රචනා කල ටෙලි තිර පිටපත් ග්රන්ථ වශයෙන් පසුගියදා එළි දැක්වූයේය. ඔහු අන් කවරකු වත් නොව ප්‍රවීණ ටෙලිනාට්‍ය හා චිත්‍රපට අධ්යක්ෂ සුදත් රෝහණයන්ය. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නිර්මාණාත්මක බුද්ධිය නිරන්තරයෙන් ආරක්ෂා කර ගනිමින් එය අනාගත පරපුර වෙත තිළින කිරිමේ වගකීම බාරගත් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය මෙම ග්රන්ථ ප්‍රකාශයට පත්කිරීමට ඉදිරිපත් වී තිබිණ. මෙම කතාබහ ඒ සම්බන්ධයෙන් සුදත් රෝහණයන් සමග සිදුකරන ලද්දකි.
මීට බොහෝ කලකට ඉහත ඔබ විසින් නිර්මාණය කරන ලද විකුම්සිහ කතන්දර ඒකාංගික ටෙලි නාට්‍යයන්හි තිර පිටපත් පසුගියදා ග්රන්ථ වශයෙන් දොරට වැඩියා. තිර පිටපත් ග්රන්ථ වශයෙන් එළි දක්වන්නට හිතුණේ ඇයි?
ඒකට විශේෂ කාරණාවක් තියෙනවා. විකුම්සිහ කතන්දර කෙටිකතා ප්‍රකාශයට පත් වෙන්නේ මීට වසර සියයකට ඉහත කාලයකදි. එදා මෙදා තුර අද වර්තමානය වනවිට තාක්ෂණික අතින් අපි ලොකු දියුණුවක ඉන්නවා. නමුත් නිර්මාණාත්මක වශයෙන් අපි ඉන්නේ පසු ගාමි තත්වයක. හුඟාක් වෙලාවට අද අපි දකින්නේ බොහොම අවර ගනයේ, බාල බොලඳ දේවල් තමයි දකින්නට තිනේනේ. හොඳ නිර්මාණයක් තිබෙන්නේ ඉදල හිටලා. ඒනිසා ක්ෂේත්රයට පිවිසෙන නවකයෙකුට ඇසුරු කරන්න තිබෙන්නේ මෙවැනි අවර ගනයේ බාල බොලඳ දේවල්. ඒ නිසා මම හිතුවා වසර ගනණාවක් තිස්සේ මම එකතු කර ගත් අක්දැකීම් සමුදායත් සමඟ ඒ දැනුම තිර රචනා සමඟ මුසු කරලා දැනුම යම්කිසි ප්‍රමාණයකට බෙදා හදා ගත්තොත් දැනට ක්ෂේත්රයට පිවිසෙන අලුත් නිර්මාණකරුවන්ට සහ ක්ෂේත්රයේ දැනට නියැළිලා ඉන්න නිර්මාණකරුවන්ටත් මේක හොඳ අවස්ථාවක් බවට පත්වෙයි කියලා. ඒ විතරක් නොවෙයි මම හිතනවා සාමාන්‍ය පාඨකයන්ටත් ඒක රසවිදින්න පුළුවන් පොතක් වෙයි කියලා. ඒනිසා මේ ටෙලිනාට්‍ය කරලා තිස් වසරක් ගෙවුණු මේ මොහොතේ, වික්රමංහයන්ගේ කෙටි කතා ඇසුරින් නිර්මාණය වුණු තිර පිටපත් ප්‍රකාශයට පත් කරන්න.
තව විශේෂයක් මෙතන තිබෙනවා. මෙවැනි තිර රචනා මිට ප්‍රථමත් ඕන තරම් ග්රන්ථ වශයෙන් ප්‍රකාශයට පත් වෙලා තිබෙනවා. දැන් අපි විරාගය ගත්තොත් එහි තිර නාටකයත් මේ ආකාරයට ප්‍රකාශයට පත් වෙලා තිබෙනවා. නමුත් මේ තිරපිටපත් හතරට සුවිශේෂී කාරණා රැසක් ගැබ් වෙලා තිබෙනවා. මේ ග්‍රන්ථය තුළ කෙටි කතාව තිබෙනවා. ඒ වගේම ඒ ඇසුරින් ලියවුණු තිර රචනය මේක තුළ තිබෙනවා. තිර කතා රචකයා විදියට මම ඒ කතාව වෙනස් කළේ කොහොමද? සමහර දේවල් ඉවත් කළේ කොහොමද? ඉවත් කළේ ඇයි? ඒ කරපු සියලු දේ පිළිබද මෙහි සටහන් වෙලා තිබෙනවා. ඊට අමතරව මේ සම්බන්ධයෙන් ප්‍රාමාණික බුද්ධිමතුන් විසින් ලියන ලද ලිපි තිබෙනවා. විචාරාත්මක ලිපිත් තිබෙනවා. තිර රචනා කලාව පිළිබඳ ලියවුණු ලිපිත් තිබෙනවා. ඒ වගේම මෙහි තිබෙන අනෙක් සුවිශේෂ කාරණාව වන්නේ මෙහි කේත අංකයක් සඳහන්ව තිබීම. මේ කේත අංකය ස්කෑන් කිරිම මඟින් ඕනෑම කෙනෙකුට මේ ටෙලි නාට්‍ය නරඹන්න පුළුවන්. මම හිතන්නේ මෙය ලංකාවේ සිදු වෙන පළමු අවස්ථාව. විදේශ රටක වුණත් මම දන්න හැටියට නෑ. මේක අපේ පාඨකයන්ට නැවුම් අත්දැකීමක් මේ ග්‍රන්ථය හදාරන කෙනෙකුට ටෙලිනාට්‍ය නරඹමින් මේ පොත අධ්‍යයනය කරන්න පුළුවන්. මේ එක පොතක් තුළ විශාල කාරණා රැසක් තිබෙනවා. ඒ නිසා මේක මේ සම්බන්ධව හදාරන කෙනෙකුට හොඳ අවකාශයක්.
වික්‍රමසිංහයන් ගේ චින්තනය කියන්නේ මම විශ්වාස කරන විදියට සිදී නොයන චින්තන උල්පතක්. ඒ චින්තන ධාරාව අදටත් ගලා යනවා. වික්‍රමසිංහයන්ගේ චින්තනයත් එක්ක අදටත් අපට සංවාදයක් ගොඩ නඟා ගන්න පුළුවන්. ඒ නිසා මේක අදටත් වලංගුයි. ඒ නිසා මේක යුගයෙන් යුගයට චින්තනය අලුත් වෙවි නව පරපුරත් එක්ක එකට ගැටෙමින් ගලා යනවා. මේක අපි ඉදිරිපත් කරන්නෙ ‘සියවසක් ඇසෙන විකුම්සිහ කතන්දර කියලා.
සියවසක් කියලා අපි අදහස් කළේ, වික්‍රමසිංහයන්ගේ මුල්ම කෙටි කතා සංග්‍රහය ‘ගැහැනියක්’. එය එන්නේ 1894. ඒ කියන්නේ දැන් වසර 100ත්. හැබැයි එයා ඊට කලින් කෙටි කතා ලියලා තියෙනවා. නමුත් කෙටි කතා සංග්‍රහයක් විදියට එන්නේ මේ වර්ෂයේ. මෙතනදි අපි හිතුවේ අවුරුදු 100ක් නොවෙයි 500ක් 1000ක් ගියත් අදටත් මේවා වලංගුයි කියන කාරණාවයි. ඒ නිසා මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය මේ සාහිත්‍ය මාසයේ සරස පොතක් වශයෙන් මේ ග්රන්ථ එලි දැකීම සිදුකළා. එක පැත්තකින් මම ස්තුති වන්ත වෙන්න ඕන මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයට, එහි වර්තමාන ලේකම් මාලින් වික්‍රමසිංහ මහතා ඇතුළු එහි අධ්යක්ෂ මණ්ඩලයට.
වික්‍රමසිංහ මහත්මයාගේ මේ සාහිත්‍ය ඔබට සමීප වෙන්නේ කොයි කාලයේද?
වික්‍රමසිංහයන් ගේ සාහිත්‍යකරණය සහ මා අතර වන සබැදියාව දෛවෝපගතයි. මම කලාව පිළිබඳ අත්පොත් තබන්නේ, කලාව ඇසුරු කරන්නේ ආචාර්ය තිස්ස අබේසේකරයන් නිසා. එතුමා කලාවට සමීපවන්නේද මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘ගම්පෙරළිය’ නවකතාවෙන්, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කරපු ‘ගම්පෙරළිය’ චිත්‍රපටයේ සහාය අධ්යක්ෂණයට යොමුවිමෙන්. මහ කප්පින්න වලව්වෙන්. මම කලාවට සම්බන්ධ වෙන්නේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘විරාගය’ නවකතාව ආචාර්ය තිස්ස අබේසේකර සිනමාවට නගද්දි මහ කප්පින්න වලව්වෙන්. අන්න ඒ නිසයි මම කිව්වේ ඒක දෛවෝපගත සිද්ධියක් කියලා. ඉන් ඉහතදිත් මම බොහෝ වේලාවට පොත පත කියවන්න පෙළඹිලා හිටපු කෙනෙක්. මම පාසල් යන ශිෂ්‍යයෙක් විදියට විරාගයට සම්බන්ධ වුණාට පස්සෙත් මේ සාහිත්‍ය ලැදියාව දිනෙන් දිනම වර්ධනය වුණා.මට ලැබුණ හැම විවේකයේදිම මට පොත පත කියවන්න ලැබුණා. මේ කෙටිකතා තෝර ගන්න මම සූදානම් වෙනකොට එතුමාගේ සියලු කෙටි කතා මම කියෙව්වා. ඒ විතරක් නොවෙයි එතුමාගේ කෙටි කතා, නව කතා, වෙනත් සාහිත්‍ය කෘති රැසක් අධ්‍යයනය කළා. ඉන්පස්සේ තමයි මේ කෙටි කතා හතර මම තෝර ගත්තේ. ඒ එක්කම මම එතුමාගේ ජිවිතය අළලා ‘විකුම්සිහ වත’ කියලා වාර්තා වැඩ සටහනක් කළා. ඒකෙන් මට තවත් පුළුල් විදියට මේ ගැන අධ්‍යයනය කරන්න පුළුවන් වුණා. මෑතකදි නැවත වතාවක් මම එතුමා පිළිබද වාර්තා වැඩසටහනක් කළා. ඒ විතරක් නොවෙයි. මම එතුමාගේ ‘කරුවල ගෙදර’ කළා. මම හිතනවා වික්‍රමසිංහයන් ‘ගම්පෙරළියෙන් ඉහල මාලය ගැන කතා කළා වගේම කරුවල ගෙදරින් ඔහු පහල මාලය ගැන කතා කළා කියලා. කරුවල ගෙදර ලිව්වට පස්සේ තමයි කොග්ගල කියන එක සම්පුර්ණ වෙන්නේ කියලා තමයි මම හිතුවේ. ඇත්තටම කිව්වොත් කරුවල ගෙදර බොහෝ පාඨකයන් අතරට යන්න පටන් ගත්තේ ටෙලි නාට්‍යයෙන් පස්සේ. ඒක මට වික්‍රමසිංහ බාරකාර මණ්ඩලය වගේම වෛද්‍ය රංග වික්රමසිංහත් කිව්වා.
වික්‍රමසිංහයන් ගේ මේ කෘති ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයට ගෙන ඒමේදි ඔබ මුහුණ දුන් අභියෝගයන් මොනවාද?
පැහැදිලිවම විශාල අභියෝගයක්. සාහිත්‍ය කෘතියක් රූපවාහිනි මාධ්‍යයට ගන්නවා කියන්නෙම අභියෝගයක්. පැහැදිලිවම මාධ්‍යයන් දෙකක්. අපි දන්නවා සාහිත්‍යය භාෂාවෙන් පටන් අරන් භාෂාවෙන් ඉවර වෙනවා. හැබැයි ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යය භාෂාවෙන් පටන් අරන් කෙලවර වෙන්නේ රූපයෙන්. මේ දෙක තුළ අපි දකින සමීප ලක්ෂණය තමයි. මේ දෙකටම කිට්ටු වෙන කතාවක් හෙවත් වෘත්තාන්තයක් වීම. වික්‍රමසිංහයන් ගේ විරාගය වගේ පොතක් ගත්තොත් එය දහස් සංඛ්‍යාත පාඨකයන් ප්‍රමාණයක් කියවපු පොතක්. නිර්මාණකරුවා මුහුණ දෙන ප්‍රධානම අභියෝගය තමයි පොතක අක්ෂර අතරේ, පිටු අතරේ නිර්මාණය වෙන චරිත බෙදා හදා ගත් පාඨකයාට අවහිරයක් නොවන අයුරින් , කතුවරයාගේ අභිප්‍රාය බිද නොවැටෙන අයුරින් නිර්මාණය කිරීම. මේ පාඨක මනසේ මැවෙන චිත්ත රූප නිර්මාණය කරන්නේ කොහොමද කියන එක තමයි නිර්මාණකරුවාට තිබෙන අභියෝගය. මම හිතන්නේ ඉස්සරලම අපි කතුවරයා කියන්න යන කතාව හොදින් තේරුම් ගත යුතුයි. මේ චරිතවල ඇතුළාන්තය තේරුම් ගන්න ඕන. ඊට පස්සේ මුල මැද අග වෙනස් කරන්න හෝ කොටස් ඉවත් කරන්න හෝ අලුතින් සිදුවීම් ගේන්න හෝ පුළුවන්. කතුවරයා කතා කරන මුඛ්‍ය කතා ධාරාවට හානියක් නොවන ආකාරයට. අපි විරාගය ගැන හිතුවොක් වික්‍රමසිංහ මහත්තයා මවපු අරවින්ද එක එක්කෙනා දැකලා තිබුණේ එක එක ආකාරයට. හැබැයි ආචාර්ය තිස්ස අබේසේකර මවපු අරවින්ද, සමහරවෙලාවට වික්‍රමසිංහ මහත්තයා මවපු අරවින්ද නොවෙන්න පුළුවන්. ඒ නිසා ඒක බැරූරුම් කාර්යයක්.
වික්‍රමසිංහ මහත්මයාගේ භාෂා ශෛලිය රූප මවන්න බලපෑවේ කොහොමද?
එතුමා පාවිච්චි කරපු බස් වහර හරි අපුරුයි. මමත් වැඩිපුරම මගේ නිර්මාණ කරලා තියෙන්නේ දකුණු පළාතේ. එහෙම කරලා මටත් ඒ භාෂාව හුරු වෙලා තිබුණේ. ‘මක්කෙයි’ කියන සයිස් එකට අපටත් ඒක හුරු වුණා. තිර රචනාවක් කරත්දි එතුමා විසින් විග්රහ කරපු ඒ භාෂා ශෛලිය විශාල ශක්තියක් වුණා. මුදියන්සේ මාමා කියන්නේ පිටු 10-12 ක පුංචි පොතක්. ඒක ඇත්තටම විකාශය වෙන්නේ එක්තරා කාලසීමාවක් තුළ. මම මේක සමහර තැන් වෙනස් කරලා ලියනවා ටෙලිනාට්‍යයට. මම මේ සදහා පාදක කර ගත්තේ ගඟක් අසල තිබෙන ගෙයක්. මේ කතාවෙන් කියන බොහෝ සංවේදනා සංකේතාත්මකව ඉදිරිපත් කරන්නේ. භූගෝලීය වශයෙන් වුණත් මම මේක වෙනස්කම් කළා. මේකෙන් වික්‍රමසිංහ මහත්තයා ගෙනාපු චින්තනය වෙනස් වුණේ නෑ. ඒකට තවත් ආලෝකයක් ආවා. ‘මව’ කියන කෙටි කතාව ගත්තොත් මාමා කෙනක් සහ දුවෙක් අතර සම්බන්ධයක් තියෙන්නේ. එයින් වර්තමානය තුළ වෙනත් අර්ථකතනයක් ගොඩ නැඟෙන්න පුළුවන් නිසා මම එයාව පුතෙක් හැටියට ගොඩ නැගුවා. ඒකට මට හුඟාක් වෙලාවට විරාගයේ ආභාසය ලැබුණා. මම හිතන්නේ මම විතරක් නොවෙයි වික්‍රමසිංහ මහත්තයත් ඒ ගැන කියලා තිබුණා. එතුමා විරාගය ලියන්න කලින් තමයි ‘මව’ කියන කෙටි කතාව ලියන්නේ. මව කෙටි කතාවේ සැමී කියන චරිතය ඔහුට විරාගයේ අරවින්ද ලියන්න බොහෝ දුරට පාදක වුණා කියලා ඔහු කියලා තිබුණා. සැමි ගේ අක්කා ඔහුට විවාහයක් කරලා දෙන්න හදනවා. එතනදි ඒ අක්කට ආවේ විරාගයේ මේනකා ගේ ගති ලක්ෂණ. විරාගය මගේ නිර්මාණ කාර්යයයේ ලේවලට බද්ධ වුණු දෙයක්. ඒනිසා විරාගයේ සමහර දේවල් මගේ මේ කෙටි කතා වලට විශේෂයෙන් බද්ධ වුණා.
මාණික්කාවත තමයි ඔබේ අවසන් ටෙලි නිර්මාණය වුණේ. එයින් පස්සේ ඔබේ නිර්මාණ කාර්යයන් මොනවද?
ඇත්තටම මම නිර්මාණයක් ඉවර වෙලා යම් විරාමයක් අරගෙන තමයි තවත් නිර්මාණයකට යන්නේ. ඒ නිර්මාණයකට දිය යුතු සත්කාරය කරන්නට නම් ඒ විරාමය අවශ්‍යයි. නමුත් මේ මොහොත වනවිට මේ රටේ තිබෙන තත්වයත් එක්ක යහපත් නිර්මාණයක් කරන්න වපසරියක් නෑ. විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය ධාරාව අද පත්වී තිබෙන තත්වය නිසා. මාණික්කාවත කියන්නේ 1888- 1980 වැනි කාල පරාසයක කතාවක්. එතකොට පරිසර, භූගෝලීය වෙනස්කම්, සංස්කෘතික වෙනස්කම් නිසා විශාල මුදල් සම්භාරයක් වැය කරන්න ඕන. එහෙම මුදල් සම්භාරයක් වැය කරලා කරන්න වාතාවරණයක් නෑ. අද වෙනම රටාවක නාට්‍ය රැල්ලක් තමයි තිබෙන්නේ. හොඳ නාට්‍යයක් දැක්කත් ඉඳල හිටලා තමයි. රාත්‍රි දහයෙන් පස්සේ පෙන්නන්වත් බැරි දේවල් අද රාජ්‍ය නාලිකාවල යනවා. ඒක කනගාටුවට කාරණාවක්. නමුත් මම මේ මොහොත තුළ සැලසුම් කරමින් සිටිනවා සිනමා නිර්මාණයක් කරන්න කියලා. ඒකත් සාහිත්‍යය කෘතියක් ඇසුරින් තමයි. ඒ සදහා සාහිත්‍ය කෘති දෙක තුනකට අවධානය යොමු කරලා තිබෙනවා. මම සිනමා නිර්මාණයක් කළේ 2004 දි දැන් අවුරුදු විස්සක් ගතවෙලා. නමුත් ඊට පස්සේ මම දිර්ඝකාලයක් ටෙලිනාට්‍ය සමඟ ගනුදෙනු කළා. මගේ නිර්මාණය චිත්‍රපටයක් කියලා තමයි මම විශ්වාස කරන්නේ. මේ වසර අග වනවිට ඒ වැඩ කටයුතු ආරම්භ කරන්න ඕන කියන තැන ඉන්නවා.
සේයාරූ – නිශ්ශංක විජේරත්න