ආසියානු සත් සාමාජික සුදුසුකම් ලැබීමේ රග්බි තරගාවලියේ තුන්වැනි ස්ථානය දිනූ ශ්රී ලංකා කණ්ඩායම පෙරේදා පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. පසුගියදා නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැති එම තරගාවලියේදී ශ්රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස තරින්ද රත්වත්ත කටයුතු කළ අතර, නිල්ෆර් ඉබ්රාහිම් මහතා පුහුණුකරු ලෙසත්, කපිල නෝල්ටන් මහතා කළමනාකරු ලෙසත් එක්වූහ. පිරිමි තරගාවලියට සමගාමීව පැවැති කාන්තා තරගාවලියේදී පස්වැනි ස්ථානය දිනූ ශ්රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම ද මේ සමඟ පැමිණියේය.
ඡායාරූපය – කටුනායක ටී.කේ.ජී.කපිල
The post ආසියානු තරගාවලියට ගිය ශ්රී ලංකා රග්බි පිල යළි එයි appeared first on දිනමිණ.