ශ්රී ලංකාවට එරෙහිව අද දිනයේ තරග බිමට පිවිසෙන ඉන්දීය පිලේ තුන් ඉරියව් ක්රීඩිකා අරුන්දතී රෙඩ්ඩිට අයිසීසීය ඊයේ තරග ගාස්තුවෙන් සියයට 50ක දඩ මුදලක් හා අසාදු ලකුණක් දඬුවම් ලෙස නියම කළේය. පාකිස්තානය සමඟ පැවති තරගයේදී ඇය විසින් පාකිස්තාන ක්රීඩිකාවකට ඇඟිල්ල දිගු කොට තර්ජනය කළ බවට චෝදනා කරමින් මේ දඬුවම පනවා තිබේ.
දකුණත් වේග පන්දු යවන රෙඩ්ඩිට අයිසීසීය විසින් අසාදු ලකුණක් ලබාදුන් පළමු අවස්ථාව මෙයවූ අතර, වසර දෙකක කාලය තුළ ඇයගේ පළමු වරද මෙය විය. ඉදිරි කාලසීමාව තුළ වැරදි ලකුණු හතරක් එක් වුව හොත් ඇය තරග තහනමකට ලක්වනු ඇත. අයිසීසී චර්යාධර්ම සංග්රහයේ 2.5 වගන්තිය අනුව භාෂාව, ක්රියාව හෝ අභිනය භාවිත කොට අපහාස කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. මේ දඬුවම තරග තීරක දකුණු අප්රිකානු ජාතික ෂැන්ඩ්රි ෆ්රිට්ස් මහත්මිය විසින් යෝජනා කළ අතර, එයට රෙඩ්ඩි අභියෝග කළේ නැත.
මේ තහනම නිසා රෙඩ්ඩිට තරගය අමිහිරි එකක් බවට පත් වුවද කඩුලු තුනක් දවාගැනීම හේතුවෙන් දක්ෂතම ක්රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තාය.
ප්රින්ස් ගුණසේකර ඩුබායි ක්රීඩාංගණයේ සිට…
The post ශ්රී ලංකාවට එරෙහි වන ඉන්දිය ක්රීඩිකාවට දඬුවම් appeared first on දිනමිණ.