කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මධ්‍යම ආසියානු අවුරුදු 20න් පහළ වොලිබෝල් තරගාවලියේ මූලික වටයේ තෙවැනි තරගයේදී තියුණු සටනකින් අනතුරුව කිර්ගිස්තානය හමුවේ වට 3-2ක් ලෙස පරාජය වීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.
ඊයේ දිනයේ දෙවැනි තරගය ලෙස පැවති මේ තරගයේ පළමු වටය ලකුණු 25-16ක් ලෙස පහසුවෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වූ අතර, උණුසුම් තරග වට දෙකකින් අනතුරුව දෙවැනි සහ තෙවැනි වටයන්වල ජය තහවුරු කර ගැනීමට කිරිස්තාන ක්‍රීඩකයෝ සමත් වූයේ 25-19ක් සහ 25-20ක් ලෙසිනි. කෙසේ වෙතත් සිව්වැනි වටයේදී යළි ආක්‍රමණශිලී ක්‍රීඩාවක නිරත වූ ශ්‍රී ලංකා පිල තියුණු සටනකින් පසු 25-23ක් ලෙස ජය ගැනීමට සමත් වුවද තීරණාත්මක 5 වැනි වටය ලකුණු 15-9ක් ලෙස නිමා කරමින් තරගයේ ජය තහවුරු කර ගැනීම කිරිකිස්තාන ක්‍රීඩකයෝ සමත් වූහ.
ඊයේ පැවති පළමු තරගයෙන් නේපාලයට එරෙහිව වට 3-0ක (25-5 , 25-12 , 25-20) පහසු ජයක් වාර්තා කිරීමට මාලදිවයින සමත් විය.
මේ අතර තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිල පෙරේදා සමත් වූ අතර, එහිදී ශ්‍රී ලංකාව හමුවේ මාලදිවයින වට 3-0කින් පරාජය විය. එහි ලකුණු තත්ත්වය සටහන් වූයේ 25-14, 25-14ක් සහ 25-11 ලෙසිනි.
කණ්ඩායම් 6ක් එක්වන මේ තරගාවලියට අද විවේක දිනයක් වන අතර, හෙට සිව්වැනි දිනය යටතේ මූලික වටයේදී ශ්‍රී ලංකා ටර්කිමේනිස්තානයට එරෙහිව පස්වරු 4.00ට තරග වැදීමට නියමිතය.
නිරෝෂාන් ප්‍රියංකර
The post ශ්‍රී ලංකාව තියුණු සටනකින් කිර්ගිස්තානය හමුවේ පරදී appeared first on දිනමිණ.