මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තම පක්ෂය තරග නොකරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, ජනතා විමුක්ති පෙරමුණේ අතීත උරුමයට අයිතියක් ඇති සහ ඊට ගරු කරන දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජනාධිපතිවරයා බලයට පත් කළ ජන වරම ආරක්ෂා කිරීමට පෙනී සිටින බවයි.
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ බහුතර බලය තහවුරු කර ගැනීමට අවශ්‍ය ඉඩ සලසා දීම මෙම තීරණයේ අරමුණ බවද එම නිවේදනයේ සඳහන්.
ඒ සඳහා පාර්ලිමේන්තුව තුළ සිට කරන භූමිකාවට වඩා ඉන් පිටත භූමිකාව වඩා වැදගත් හා බලවත් විය යුතු බව පක්ෂයේ අදහස බව ද නිවේදනයේ සඳහන් විය.
එබැවින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික නිදහස් පෙරමුණ පක්ෂයක් ලෙස සන්ධානාගතව හෝ ස්වාධීනව තරග නොකරන බව මහජනතාව වෙත දැනුම් දෙන බවත්, මෙය පක්ෂයේ සාමුහික තීන්දුවක් බවත් විමල් වීරවංශ මහතාගේ නිවේදනයේ දැක්වේ.
The post මහ මැතිවරණයට තරඟ කරන්නේ නෑ – විමල් appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.