විද්‍යාලෝක කණ්ඩායම
සාන්ත ඇලෝසියස් කණ්ඩායම
ගාල්ල සාන්ත ඇලෝසියස් විදුහල සහ ගාල්ල විද්‍යාලෝක විදුහල අතර සිව්වැනි වාර්ෂික සීමිත ඕවර ක්‍රිකට් තරගය අද (10) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
සාන්ත ඇලෝසියස් පිලට විදුර ලක්ෂාන් නායකත්වය දෙන අතර, විද්‍යාලෝක පිල දසුන් චමෝද්ගේ නායකත්වයෙන් තරගයට එක් වෙයි.
මේ වාර්ෂික ක්‍රිකට් තරගය 2019 වර්ෂයේදී ආරම්භ වූ අතර. රට තුළ පැවති කොවිඩ් වසංගතය හේතුවෙන් 2020 සහ 2001 වසරවල පැවැත්වීමට හැකියාවක් නොලැබිණි. මෙතෙක් පැවති තරග 3ම ජයගෙන සාන්ත ඇලෝසියස් විදුහල ඉදිරියෙන් පසු වෙයි.
සාන්ත ඇලෝසියස් සංචිතය: විදුර ලක්ෂාන් (නායක), විනෝද් ධනුෂ්ක, දෙනෙත් දෙව්මින්ද, තීක්ෂණ තාරුක, චාර්ය රණවිතාන, කවිඳු අමරසිංහ, හසිත සුරංග, සසිඳු රන්දීප, දුල්සත් නිම්විරු, ප්‍රභාෂ් නිර්වාන්, සේවිත දුල්මල්, එමල්ෂ පබසර, ගමිඳු ඉම්සර, සසිඳු මදුසර, නවිඳු ප්‍රමෝද්, කුවිඳු එදිරිසිංහ, ෆෙරීන් සිල්වා (ප්‍රධාන පුහුණුකරු), සමිත් ශිරෝමන් (සහාය පුහුණුකරු), එස්. එච්. අයි. ධනුෂ්ක (ක්‍රිකට් භාර ආචාර්ය).
විද්‍යාලෝක සංචිතය: දසුන් චමෝද් (නායක), ප්‍රගීත් බිම්සර (උපනායක), රශ්මික ප්‍රභාත්, නිමේෂ් ආවින්ද, ලිදුල නුවංග, සෙනිරු නිඳුවර, පසන් මධුසංක, දක්ෂිණ හසරංග, තරුෂ ජයමිත්,
මිතිල සත්සිඳු, සචිත්ය ඉදුවර, ඔවිඳු අශාන්, ගජත සහිරු, සදිල් සෙනුද, දුමිඳු සත්සර, පුළිඳු නිම්නද, සුමීර සජනක, යසිත් දීමන්ත, තුසිත කාරියවසම් (පුහුණුකරු), එල්. ආර්. මනතුංග (ක්‍රිකට් භාර ආචාර්ය)..
ඉෂානි යද්දෙහි
The post සාන්ත ඇලෝසියස්-විද්‍යාලෝක සිව්වැනි එක්දින ක්‍රිකට් ගැටුම අද ගාල්ලේදී appeared first on දිනමිණ.