2024 සැප්තැම්බර් මාසයේ අයි.සී.සී ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට කමිඳු මෙන්ඩිස් සමත්ව තිබේ.
මෙය ඔහුට මාසයේ අයි.සී.සී ක්‍රීඩකයා සම්මානය හිමි වූ දෙවන අවස්ථාව වේ.
ඒ අනුව, 2024 වසරේදී ICCයේ මාසයේ ක්‍රීඩකයා සම්මානය දෙවරක් දිනාගත් පළමු ක්‍රීඩකයා ඔහු වෙයි.
කමිඳු 2024 මාර්තු මාසයේදී ද මෙම සම්මානය දිනාගත්තේ ය.
නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහුට මෙවර සම්මානය හිමිව තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රබාත් ජයසූරිය සහ ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් සමග පැවති තියුණු තරගයකින් අනතුරුව කමිඳු මෙම සම්මානය දිනාගත් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.
සැප්තැම්බර් මාසයේදී කමිඳු ටෙස්ට් තරග 4කට ක්‍රීඩාකර ඇති අතර එහිදී ඔහු ලකුණු 451ක් රැස්කර තිබුණි.
එහි සාමාන්‍ය සඳහන් වන්නේ 90.20ක් ලෙසට ය.
The post සැප්තැම්බර් මාසයේ ICC ක්‍රීඩකයාට හිමි සම්මානය කමිඳුට appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.