එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර පැවති විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ යළි ශ්‍රී ලංකාවට පැමිණියේය. මෙවර තරගාවලියේ මූලික වටයේ සියලු තරග පරාජයට පත්වීමෙන් ක්‍රීඩිකාවන් දැඩි කනගාටුවට පත්ව සිටින බව කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ප්‍රකාශ කළාය. ‘අපි ගොඩක් බලාපොරොත්තු රඳවාගෙනයි ලෝක කුසලානයට ගියේ. පුහුණු තරගවලදී පවා සාර්ථකව දස්කම් දක්වා ජයග්‍රහණ ලැබුවා. ඒත් අපිට තරගාවලියේ එක් තරගයක්වත් ජය ගැනීමට නොහැකි වීම කනගාටුදායක කරුණක්. අපේ දුර්වල පිතිහරඹයත්, පන්දු රැකීමත් ඒකට හේතු වුණා. විශේෂයෙන් මම පිතිකරණයෙන් අසාර්ථක වීම ගොඩාක් බලපෑවා. අපේ කණ්ඩායමේ විශිෂ්ට පිතිකාරිනියන් වන හර්ෂිතා සමරවික්‍රම හා විශ්මි ගුණරත්නත් අසාර්ථක වුණා.‘ චමරි අතපත්තු කියා සිටියාය. සියලු වැරදි හා අඩුපාඩු මඟ හරවා ගනිමින් ඉදිරි තරගාවලි තුළින් නැවත සාර්ථකත්වයට පත්වීමට මෙය අවස්ථාවක් වනු ඇතැයි ද චමරි කීවාය.
කටුනායක ටී.කේ.ජී.කපිල
ඡායාරූප – ටී.කේ.ජී.කපිල
The post විස්සයි20 ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා කාන්තා පිල යළි එයි appeared first on දිනමිණ.