කොළඹ කොටුව සහ මඩකලපුව අතර අද (18) දිනට ධාවනය කිරීමට නියමිත සියලුම දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව බලා ඉන්ධන ප්රවාහනය කළ දුම්රියක වනඅලි රංචුවක් ගැටීමෙන් අද (18) අලුයම සිදු වූ අනතුරෙන් දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුවීම හේතුවෙන්.
මින්නේරිය සහ හිගුරක්ගොඩ දුම්රිය ස්ථාන අතර ප්රදේශයකදී අද (18) අලුයම 04.00 ට පමණ මෙම අනතුර සිදුව තිබුණි.
අනතුරින් දුම්රියේ ඉන්ධන ටැංකි හතරක් පිළි පැන ඉන් දෙකක් පෙරළි ගොස් ඇති බව සදහන්.
මෙම අනතුරින් වන අලි දෙදෙනෙකු මිය ගොස් තවත් වන අලි කිහිප දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර ඉන්ධන ප්රවාහන තෙල් ටැංකි පෙරලීමෙන් දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
The post කොළඹ කොටුව සහ මඩකලපුව අතර සියලුම දුම්රිය ගමන්වාර අවලංගු කෙරේ appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.