හලාවත, සිංහපුර ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙයි.
ඊයේ (19) රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්තිපති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ගින්නෙන් එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 42 ක් වු පියා, වයස අවුරුදු 40 ක් වු මව සහ ඔවුන්ගේ වයස අවුරුදු 15 ක් දියණිය බවයි.
ජීවිතක්ෂයට පත් වූ තිදෙනාගේ මෘත ශරීර තවමත් එම නිවස තුළ ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
The post හලාවත නිවසක ගින්නකින් එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.