මැලේසියාවේ පැවති එම්.ඒ.එම්.මැලේසියා ෆෙස්ටිවල් ඔෆ් ස්පීඩ් – 2024 ( M.A.M.Malaysia Festival of Speed – 2024 ) ජාත්‍යන්තර මෝටර් රථ ධාවන තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රන් පදක්කම් දිනූ ෂෙහාන් ගුණසේකර සහ ටෙහාන් අමරසිරි සිසුන් දෙදෙනා ඊයේ (22) කටුනායක ගුවන්තොටුපළින් ලංකාව වෙත පැමිණ තිබෙයි.
මෙම තරගාවලිය මැලේසියාවේ සැපැන් නුවර ලෝකයේ රටවල් 10 ක කුඩා මෝටර් රථ ධාවන ශූරයින් අතර ඉකුත් 20 වන දින පවත්වා තිබුණි .
එහිදී වයස අවුරුදු 15 න් පහළ කනිෂ්ඨ අංශය යටතේ තරග කළ 14 හැවිරිදි ෂෙහාන් ගුණසේකර සිසුවා , එම අංශයේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි .
ඊට අමතරව වයස අවුරුදු 13 න් පහළ කැඩෙට් අංශය යටතේ තරග කළ 11 හැවිරිදි ටෙහාන් අමරසිරි සිසුවා එම අංශයේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි .
මෙම සිසුන්ට මෙම තරගාවලිය සදහා මෝටර් රථ පැදවීම සදහා ජාත්‍යන්තර මෝටර් රථ ධාවන සංගමය මගින් රියැදුරු බලපත්‍ර ලබා දී තිබුණි .
The post ජාත්‍යන්තර මෝටර් රථ ධාවන තරඟයක දී රන් පදක්කම් දිනූ ලංකාවේ පුංචි හපන්නු appeared first on දිනමිණ.