අවුරුදු 19න් පහළ අන්තර් පාසල් බාලිකා ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසින් කණ්ඩායම් 12ක් මෙවර ශූරතාව දිනා ගැනීම වෙනුවෙන් තරග බිමට පිවිසීමට නියමිතය.
පසුගිය වසර දක්වා පළමු කොටසේ තරගාවලියට එක් වූ උපරිම කණ්ඩායම් සංඛ්‍යාව 8ක් වූ අතර, මෙවර තරගාවලියට පසුගිය වසරේ දෙවැනි කොටසේ ශූරියන් වූ ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසල, අනුශූරියන් වූ උහන ජාතික පාසල, අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ මීගමුව නිව්ස්ටඩ් බාලිකා සහ මහනුවර මහාමායා බාලිකා විදුහල් මෙවර පළමු කොටසට උසස්වීම් ලබා සිටියි.
පසුගියවර පළමු කොටසේ ශූරියන් වූ රත්ගම දේවපතිරාජ විදුහල සමඟ නුගේගොඩ අනුලා, මාතර අනුර, ඔක්කම්පිටිය විජයබා ද්විතීයික පාසල, උහන ජාතික පාසල සහ මහනුවර මහාමායා බාලිකා කණ්ඩායම් ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදින අතර, පසුගියවර පළමු කොටසේ අනුශූරියන් වූ ගම්පහ රත්නාවලී බාලිකා, මොරටුව වේල්ස් කුමරි, වාද්දුව මධ්‍ය මහා විදුහල, කටුගස්තොට සාන්ත අන්තෝනි බාලිකා, ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසල සහ මීගමුව නිව්ස්ටඩ් බාලිකා විදුහල් ‘බී’ කාණ්ඩයට එක්ව සිටී.
The post බාලිකා පළමු කොටසට අලුත් කණ්ඩායම් 4ක් appeared first on දිනමිණ.