රුපියල් හැටහතතර ලක්ෂයකට අධික (64,43716.71) බදු මුදලක් රජයට නොගෙවා පැහැර හැරිමේ චෝදනාවට වැරදිකරු වූ සමාගම් අධ්යක්ෂවරයෙකුට වසර හයක ලිහිල් වැඩ සහිතව සිර දඬුවම් නියම කළ කොළඹ දිසා අධිකරණය එම බදු මුදල සමාන වාරික 24කින් රජයට ගෙවන ලෙසට ඊයේ (24) නියෝග කළේය.
ඒ එම් හෝල්ඩින් පුද්ගලික සමාගමේ ප්රධාන හවුල්කරුවකු වන ඩී ගුණවර්ධන නැමැති වගඋත්තරකරුට මෙම නියෝගය නිකුත් කළේය.
දේශීය ආදායම් කොමසාරිස් වරයා විසින් 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 179 (1) සමග කියවිය යුතු 2009 අංක 9 දරණ ජාතිය ගොඩනැගීමේ බදු පනතේ ප්රකාරව මෙම නඩුව පවරා තිබිණි.
2012, 2013 2014 වර්ෂයට අදාළව බදු නොගෙවීමට එරෙහිව පවරා තිබූ නඩුව සලකා බැලීමෙන් පසුව බදු මුදල් දඩයක් ලෙස රජයට ගෙවන ලෙසද එසේ නොමැති නම් මාස හයක ලිහිල් වැඩ සහිත සිර දඬුවම් නියම කරන බවද දිසා විනිසුරුවරයා නියෝග කළේය.
වගඋත්තරකරුට දඩයක් ලෙස ගෙවීමට නියම කළ මුදල් කොටස් වශයෙන් ගෙවීමට ඉඩ සලසා දෙන්නැයි ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව දිසා විනිසුරුවරයා මාසිකව රුපියල් 268488.19 බැගින් වසර දෙකක් ඇතුලත දඩ මුදල් ගෙවීමට වගඋත්තර කරුට අවසර ලබා දී සිර දඬුවම අහෝසි කළේය.
දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා මහතා පෙනී සිටි අතර වග උත්තරකරු වෙනුවෙන් නීතිඥ ධනසේන මහතා පෙනී සිටියේය.
The post බදු නොගෙවූ සමාගම් අධ්යක්ෂ වසර හයක් සිරගෙට appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.