ශ්රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් සංවිධාන කළ ඊගල්ස් කැටලිනා කුසලාන ගෝල්ෆ් තරගාවලියේ දෙවැනි අදියරේ පිරිමි Net Score අංශය ජය ගැනීමට විංග් කමාන්ඩර් (විශ්රාමික) ලක්මාල් ගුණවර්ධන සමත් වූ අතර, එහි කාන්තා ශූරතාව දිලිනි හෙන්නායක විසින් දිනා ගත්තාය. මෙහි අනුශූරතා පිළිවෙළින් ෂර්ලි කොරයා සහ ෆ්රෑන්ක් ද මෙල් සතු වූහ.
කොග්ගල කැටලිනා ගෝල්ෆ් පිටියේ පැවති මේ තරගාවලියේ Gross Score අංශයෙන් ද ලක්මාල් සහ දිලිනි ජයගත් අතර, එහි අනුශූරතා හිමිවූයේ ගයාෂාන් විජේසිංහ සහ ෆ්රෑන්ක් ද මෙල්ටය. Longest Drive පිරිමි අංශයේ ජය විංග් කමාන්ඩර් කුමාර ගුරුගේ සහ කාන්තා අංශයේ ජය ශ්රියන්ති පීරිස් දිනාගත් අතර, Nearest to the pin පිරිමි ජය මර්වින් ප්රීනාට හිමිවිය.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ උපදෙස් මත සංවිධාන කළ මේ තරගාවලියේ ජය සංකේත ප්රදානය හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
The post ඊගල්ස් කැටලිනා ගෝල්ෆ් දෙවැනි අදියරේ ශූරතා ලක්මාල්ට සහ දිලිනිට appeared first on දිනමිණ.