දකුණු අප්‍රිකානු සංචාරයේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවකට ලක්ව ජීවිතාන්තය දක්වා නායකත්වයේ තහනමකට ලක්ව සිටි ඩේවිඩ් වෝනර්ගේ එම තහනම ඉවත් කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තීරණය කරයි. 2018 වසරේ ඔස්ට්‍රේලියානු පිල කේප් ටවුන් හි පැවති තුන්වන ටෙස්ට් තරගයේදී වෝනර්ට මෙම චෝදනාව එල්ල වූ අතර, එය සත්‍ය බව පසුව ඔප්පු වීමෙන් වෝනර්ට වසරක ක්‍රීඩා තහනමක් ද පැනවිණි.
වමත් පිතිකරු ඩේවිඩ් වෝනර් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ගත් තීරණයෙන් පැහැදිලි වන්නේ වෝනර් බිග් බෑෂ් ලීගයේ ඔහුගේ සිඩ්නි තන්ඩර් පිලේ නායකයාවීමට ඉඩ හැර ඇති බවයි. වෝනර් ත්‍රිපුද්ගල ස්වාධීන මණ්ඩලය හමුවේ සිය අදහස් ඉදිරිපත් කළ අතර, මණ්ඩලය සෑහීමකට පත්වී පනවා තිබූ තහනම ඉවත් කළේය.
වෝනර් තම අදහස් ගෞරවාන්විතව ඉදිරිපත් කළ බවත් එය තිදෙනාගේම සිත් ගත් බවත් එම මණ්ඩලය සිය නිවේදනයේ සඳහන් කර ඇත. ප්‍රතිචාර දැක්වීමේදී වෝනර් ගෞරවාන්විත ස්වරයක් අනුගමනය කළ අතර ඔහු පසුතැවිල්ලක් ද ප්‍රකාශ කර තිබේ.
The post ඩේවිඩ් වෝනර්ගේ නායකත්ව තහනම ඉවතට appeared first on දිනමිණ.