නව මැගසින් බන්ධනාගාරයේ රදවා සිටින රැඳවියෙකු බැලීම සදහා පැමිණි පුද්ගලයෙකු එම රැඳවියා වෙත දීම සඳහා ගෙන ආ කරවල ව්‍යංජනයක් තුළ සූක්ෂම ලෙස සගවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය යැයි සැක කළ හැකි කුඩා පැකට් දෙකක් සොයාගත් බව බන්ධනාගාර කොමසාරිස්, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.
අමුත්තන් පෙන්වීමේ රාජකාරී වල නියුතු බන්ධනාගාර නිළධාරීන්ට එම මත්ද්‍රව්‍ය හසු වී ඇති බවයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එහිදී තහනම් ද්‍රව්‍ය රැගෙන ආ පුද්ගලයා සහ අදාල මත්ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා බොරැල්ල පොලිසිය වෙත බාරදීමට බන්ධනාගාර නිළධාරීන් කටයුතු කර තිබේ.
සිද්ධිය සම්බන්ධනයෙන් මැගසින් බන්ධනාගාරය මගින් විමර්ශණයක් ආරම්භ කර ඇත.
The post බන්ධනාගාර රැඳවියකුට රැගෙන ආ කරවල ව්‍යංජනයේ “අයිස්” appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.