එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට (30) ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල, පොලිස්පති කාර්යාල ඇතුළු සියලු පොලිස් ස්ථානවල ද හෙට දිනයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව එම කොමිසම පවසයි.
හෙට දිනයට අමතරව නොවැම්බර් 1 හා 4 යන දිනවලදී ද ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
එම දිනවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන රාජ්‍ය නිලධාරීන්ට නොවැම්බර් මස 7 හා 8 දෙදින තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී ඒ සඳහා අවස්ථාව සලසා ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
තැපැල් ජන්දය ප්‍රකාශ කිරීම සඳහා තැපැල් ජන්ද දායකයින් 738050 දෙනෙකු සුදුසුකම් ලබා ඇතැයි ද කොමිෂන් සභාව සදහන් කරයි.
මේ අතර, මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා නිලධාරීන් දහසකට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට බලාපොරොත්තු වන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
The post මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම හෙට සිට appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.