මයිලෝ පාසල් නෙට්බෝල් ශූරතාවලිය මේ 4 වැනිදා සිට 6 වැනිදා දක්වා මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දශක 3කට වැඩි කාලයක් තිස්සේ නෙට්බෝල් ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් ඉහළ නැංවීමට කැපවූ නෙස්ලේ මයිලෝ නැවැතත් අනුග්රාහකත්වයට ඉදිරිපත්ව සිටීම කැපී පෙනේ.
ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලියේ පළමු අදියර පසුගිය ජූලි මස සිට ඔක්තෝබර් දක්වා රටපුරා මධ්‍යස්ථාන 15කදී පැවැති අතර, ඒ සඳහා නෙට්බෝල් ක්‍රීඩිකාවන් 13,000කට අධික ප්‍රමාණයක් එක් වූහ. එම තරගාවලියේදී ජයග්‍රහණ වාර්තා කරමින් සුදුසුකම් ලැබූ කණ්ඩායම් අවසන් මහා තරගයට එක්ව සිටිති.අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකාව පුරා පාසල් 400ක නෙට්බෝල් ක්‍රීඩිකාවන් 4,000ක පමණ පිරිසක් එක්වේ.
The post පාසල් නෙට්බෝල් ශූරතාවලිය 4දා සිට මාතර උයන්වත්තේදී appeared first on දිනමිණ.