නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලට යොමු කර තිබෙනවා.
බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා පැවැසුවේ අධිකරණයෙන් ලැබූ නියෝග මත හිටපු රාජ්‍ය ඇමැතිවරයා අඛණ්ඩව ලබාදිය යුතු වෛද්‍ය ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවයි.
ලොහාන් රත්වත්තේ මහතා අග්න්‍යාශ ප්‍රදාහය(Pancreatitis) අක්මාවේ තෙල් තැන්පත් වීම (Fatty liver) ඇතුළු රෝග ගණනාවකින් පෙළෙන බව බන්ධනාගාර රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.
එබැවින් ඔහු අඛණ්ඩව ඖෂධ භාවිත කරන අතර ඒ වෙනුවෙන් බන්ධනාගාර රෝහලට ඔහුව යොමු කර ඇති බවයි වාර්තා වෙන්නේ.
නීති විරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයක් ලඟ තබා ගැනීමේ චෝදනාවට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පසුගිය 31 වෙනි දින පෙරවරුවේ කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
අනතුරුව ඔහු නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු කරුණු සලකා බැලූ නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් නොවැම්බර් 7 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.
The post ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රෝහලට appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.