ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් ටෙස්ට් තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරගය ජනවාරි 29 සිට පෙබරවාරි 2 වැනිදා දක්වා හා දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරි 6 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වේ. ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව පැවැත්වෙන එක්දින තරගය පෙබරවාරි 13 වැනිදා පැවැත්වෙන අතර, එම ක්‍රීඩාංගණය තවමත් තීරණය වී නැත.
ලබන වසරේ පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට පැමිණීම උදෙසා ඉදිරියෙන්ම සිටින ඉන්දියාව, ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව දැඩි තරගකාරීත්වයක සිටින හෙයින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ඔස්ට්‍රේලියාව සමඟ ටෙස්ට් තරගාවලිය ඉතා වැදගත් වේ. මේ මස අවසානයේ දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරග දෙකකට ශ්‍රී ලංකාව මුහුණදෙන අතර, ශ්‍රී ලංකාවට ඉතිරි ටෙස්ට් තරග හතරෙන් තවත් ජයග්‍රහණ තුනක් සමඟින් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් පූර්ව වටය සඳහා තල්ලුවක් ලබා ගත හැකි බව විශ්වාසය වී තිබේ.
කමිඳු මෙන්ඩිස්ගේ ටෙස්ට් දිවියේ විස්මිත ආරම්භය ශ්‍රී ලංකා පිලේ ඉදිරි ගමනට ඉවහල් වී ඇති අතර, ඔහුගේ පළමු ඉනිම් 12 තුළ සාමාන්‍ය 94.30ක් වී තිබේ. පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය ප්‍රධාන තුරුම්පුවක් බවට පත්ව සිටින අතර, ගාල්ල තණතිල්ලේ ඔහු හොඳින් දස්කම් දක්වා ඇත.
1982 වසරේ සිට ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ මේ දක්වා අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් තරග 33කදී ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව එකිනෙකා මුණගැසී තිබේ. ඉන් තරග 20ක ජයග්‍රහණය ඔස්ට්‍රේලියාව හිමිකරගෙන ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇති තරග ගණන 5කි. තවත් ටෙස්ට් තරග 8ක් ජය පරාජයෙන් තොරව අවසන් විය.
ඔස්ට්‍රේලියානු බිමේ දී ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගාවලි 7ක් පවත්වා ඇති අතර එම තරගාවලි 7ම ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියානුවන් සමත්වීම විශේෂත්වයකි. කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාව තුළ දී ශ්‍රී ලංකාව එකදු ටෙස්ට් තරගයක් හෝ ජය ගැනීමට සමත් වී නොමැත. 2022දී ඔස්ට්‍රේලියානු පිල ශ්‍රී ලංකාවේ කළ ටෙස්ට් ක්‍රිකට් සංචාරයේදී ශ්‍රී ලංකාව දෙවැනි ටෙස්ට් තරගයේ ජයග්‍රහණය ලබා තරගාවලිය 1-1ක් ලෙස නිමාවට පත් කළේය.
The post ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාවට තීරණාත්මක අවසන් තරග දෙකම ගාලු පිටියේ appeared first on දිනමිණ.