ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් සංගමය විසින් සංවිධාන කරන මයිලෝ පාසල් නෙට්බෝල් ශූරතාවලිය අද සිට 6 වැනිදා දක්වා මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දශක 3කට වැඩි කාලයක් තිස්සේ නෙට්බෝල් ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් ඉහළ නැංවීමට කැපවූ නෙස්ලේ මයිලෝ නැවැතත් අනුග්රාහකත්වයට ඉදිරිපත්ව සිටී.
මේ තරගාවලියේ පළමු අදියර පසුගිය ජූලි මස සිට ඔක්තෝබර් දක්වා රට පුරා මධ්‍යස්ථාන 15කදී පැවති අතර, ඒ සඳහා නෙට්බෝල් ක්‍රීඩිකාවන් 13,000කට අධික ප්‍රමාණයක් එක් වූහ.
එම තරගාවයේදී ජයග්‍රහණ වාර්තා කරමින් සුදුසුකම් ලැබූ කණ්ඩායම් අවසන් මහා තරගයට එක්ව සිටිති. අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකාව පුරා පාසල් 400ක නෙට්බෝල් ක්‍රීඩිකාවෝ 4,000ක පමණ පිරිසක් එක් වෙති.
The post පාසල් නෙට්බෝල් ශූරතාවලිය අද ඇරඹේ appeared first on දිනමිණ.