කොස්ගම ඇස්වත්ත මානකඩ මාර්ගයේ රමුකේවත්ත මාර්ගයේ තුම්මෝදර ඇල මාර්ගය හරහා ධාවනය කල කැබ් රථයක් සැඩ පහරට හසුව ගසාගෙන යාමෙන් එහි සිටි පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි කොස්ගම පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ, මානකඩ රමුකේවත්ත නමැති ඉඩමේ හිමිකරු මෙන්ම කැබ් රථයේ හිමිකරු බව කියන කිරිබත්ගොඩ අශෝක උයන ප්රදේශයේ පදිංචිව සිටි ලොකු ලියනගේ චන්න කබ්රාල් (69) හා මොණරාගල ප්රදේශයේ පදිංචිකරුවකු වන කැබ් රථයේ රියදුරු ලෙස කටයුතු කළ බී දසුන් ප්රනාන්දු (27) යන පුද්ගලයන්ය.
කොස්ගම ඊයේ (05) ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් මානකඩ රමුකේවත්තට යන මාර්ගය තුන් මෝදර ඇල ආසන්නයේ ගංවතුර තත්ත්වයක් තිබී ඇති අතර එහි රියදුරු විසින් තවත් පුද්ගලයන් තිදෙනෙකු සමඟ ඇළ හරහා රථය ධාවනය කිරීමේදී කැබ් ජල පහරට හසුව ගසාගෙන ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
කැබ් රථයේ සිටි අනෙක් දෙදෙනාගේ දිවි බේරී ඇති අතර ඔවුන් දෙදෙනා රෝහල් ගත කර ඇතැයි කොස්ගම පොලිසිය පවසයි.
එම අවස්ථාවේදී කැබ් රථය මීටර් 50ක් පමණ ජලයේ ගසාගෙන ගොස් මෙම අනතුර සිදුවී ඇත.
මියගිය දෙදෙනාගේ දේහයන් අවිස්සාවිල්ල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඒ පිළිබඳ වූ හදිසි මරණ පරීක්ෂණය අද (06) දින පැවැත්වීමට නියමිත වේ.
The post කැබ් රථයක් සැඩ පහරට හසුව ගසා ගොස් දෙදෙනෙක් මරුට appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.