ඉන්දියාවේ බැංගලූරුහි පැවති 2024 ආසියානු නෙට්බෝල් තරගාවලියේදී දැක්වූ විශිෂ්ට දස්කම් අගයමින්, ඔවුන් පෙරළා සියරට පැමිණි අවස්ථාවේ කටුනායකට ගුවන්තොටුපොළේදී උණුසුම් පිළිගැනීමක් කිරීමට ජාතික නෙට්බෝල් කණ්ඩායමේ අනුග්රාහකයා මෙන්ම මෙරට ක්රීඩාවේ ප්රමුඛතම සවිබලය සපයන්නා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම කටයුතු කළේය.
අපරාජිතව අවසන් මහා තරගයට පිවිසි ශ්රී ලංකා පිල තියුණු සටනකින් අනතුරුව සිංගප්පූරුව හමුවේ අනුශූරියන් බවට පත් විය.
ඩයලොග් ආයතනය 2018 වසරේ සිට ශ්රී ලාංකේය නෙට්බෝල් සමඟ අනුග්රාහකයෙක් ලෙසින් නිබඳව රැඳී සිටින අතර, සමාගමේ අනුග්රහය කණ්ඩායම බලගැන්වීමේදී ප්රධාන භූමිකාවක් බවට පත් විය.
ජාතික නෙට්බෝල් කණ්ඩායම සමඟින් සම්බන්ධවීම හරහා ස්ත්රී පුරුෂ සමානාත්මතාව සහ ක්රීඩාව තුළ කාන්තාවන්ට ජයග්රාහී අවස්ථා විවර කර දීම මෙන්ම ශ්රී ලංකාව තුළ පුළුල් ක්රීඩා සංස්කෘතියක් පෝෂණය කිරීම සඳහා ඩයලොග්හි වන කැපවීම විදහා දැක්වෙන්නකි.
ඩයලොග් ආසිආටා පීඑල්සීහි සමූහ අලෙවි සහකාර උප සභාපති අශානි සේනාරත්න මහත්මිය මේ තරගාවලියේදී ශ්රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ කණ්ඩායමේ දස්කම් මහත් අභිමානයක් බවයි. එමෙන්ම කාන්තාව සවිබලගැන්වීම සහ විවිධත්වය දියුණු කරමින් ක්රීඩාවට අන්තර්ග්රහණය කරගැනීම සඳහා ඩයලොග් තවදුරටත් කැපවන අතර ජාතික නෙට්බෝල් කණ්ඩායම සමඟ වන මේ එකතුව එම අගයන් විදහා දක්වන්නක්. කණ්ඩායමට විශිෂ්ටත්වයේ හිණිපෙතට ළඟාවීම සඳහා ඩයලොග් සහයෝගය තවදුරටත් පිරිනමනවා යැයි ද පවසා සිටියාය.
The post ජාතික නෙට්බෝල් පිලට උණුසුම් පිළිගැනීමක් appeared first on දිනමිණ.