‘Vaazhai’ දමිළ චිත්‍රපටයෙන් සාකච්ඡාවට ගැනෙන්නේ ඉන්දියානු කලාපයට පොදු වූ ගැටලුවකි. එනම් දරිද්‍රතාවය සහ විරැකියාවෙන් බැට කන ජීවිත පිළිබඳ පිළිබිඹුවකි. චිත්‍රපටයේ කතාව සඳහා පාදක වන්නේ සත්‍ය සිදුවීමක් බව චිත්‍රපටය ආරම්භයේදීම ප්‍රේක්ෂකාගාරය වෙත සංඥා කරයි. චිත්‍රපටයේ කාල අවධිය වර්ෂ 1998 තරම් ඈතට දිවයන්නකි. දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයේ පිහිටි ‘කරන්ගුලම්’ නම් දුෂ්කර ගම්මානයක වෙසෙන දිළිඳු ප්‍රජාවකි. මේ ගම්මානය සාරවත් කුඹුරු යායන් සහ කෙසෙල් වතුවලින් හැඩ වී ඇත. මේ ගම්වැසියන්ගේ එක් කුලකයක් තම ජීවිකාව සරි කරගන්නේ කෙසෙල් කොටුවක වැඩුණු කෙසෙල් කැන් කැපීමෙනි. සරුවට වැඩුණු කෙසෙල් කැන් මෙන් මතුපිටින් නමි මේ දිළිඳු ජීවිතවල සරුබවක් නොමැත. කෙසෙල් කොටුවේ කපන ලද කෙසෙල් කැන් හිස මත තබාගෙන ලොරි වෙත පැටවිය යුතු ය. වෙල් යායවල නියර මැදින්, වගුරු බිමි මැද කෙසෙල් කැන් යුගල පිටින් හිස මත තබාගෙන බොහෝ දුර ඇවිදීම මෙම වෘත්තියේ ස්වභාවයයි. ඒ ශ්‍රමය වෙනුවෙන් ඔවුන්ට ලැබෙන්නේ රුපියල් දෙකක් වැනි සොච්චම් මුදලකි. ගම්මානයේ සිට කෙසෙල් කොටුවට මෙි ගම්වැසියන් ලොරියකින් ප්‍රවාහනය කරයි. චිත්‍රපටයේ පසුබිම එසේ ය.
චිත්‍රපටයේ පෙරබිමේ ප්‍රධාන චරිතයක් සිටී. ඒ දරිද්‍රතාවයෙන් හෙම්බත් වූ ‘සිවනයින්දන්’ නමැති වයස අවුරුදු 12ක පමණ කොලු ගැටයාය. සිවනයින්දන්ගේ පියා මිය ගොසිනි. සිවනයින්දන්ගේ මව සහ වැඩිමල් සහෝදරිය කෙසෙල් කැන් කපමින් බඩගින්න නිවා ගනී. කොට කලිසමකින් සහ කෙසෙල් කහට බැඳුණු කමිසයකින් සැරසී දෙපා නිරුවත් මේ කොලු ගැටයාගේ සැනසුම සහ ජීවිතය බහුල වශයෙන් ගෙවෙන්නේ පාසලේදී ය. සිවනයින්දන්ගේ සගයා වනුයේ රාගුල්ය. දමිළ සිනමාවේ සුපිරි නළුවන් දෙපළක් වන රජනිකාන්ත් සහ කමල් හසන් දෙපළගේ දැඩි රසිකයන් වන සිවනයින්දන් සහ රාගුල් තරඟයට මෙන් ඔවුන්ගේ චිත්‍රපටවල අන්තර්ගත සිංදු, දර්ශන පිළිබඳ කතාබස් කරති. සිවනයින්දන් ඉගෙනීමට අති දක්ෂ ය. කුප්පි ලාම්පුවෙන් විලියම් වර්ඩ්ස්වර්ත් කවියාගේ කවි පාඩම් කරති. සිවනයින්දන් නිවාඩු ඇති විටෙක කෙසෙල් කැන් කපන්නට කොටුවට ද යයි. නමුත් සිවනයින්දන් කෙසෙල් කොටුවේ වැඩ කිරීමට නම් කැමැති නැත. සිවනයින්දන්ගේ ජීවිතය මෙි කෙසෙල් වතු සහ පාසල අතර දෝලනය වෙයි.
‘Vaazhai’ යනු දමිළ බසින් කෙසෙල්වලට කියන නමයි. ‘Vaazhai’ චිත්‍රපටය අධ්‍යක්ෂකවරයා වන්නේ මාරි සෙල්වරාජ් ය. ඔහු දමිළ සිනමාවේ තම නම සටහන් කරන්නේ 2018 වසරේදී අධ්‍යක්ෂණය කළ ‘පරියෙරුම් පෙරුමාල්’ නම් සම්මානනීය චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමෙනි. ඉන් අනතුරුව 2021 වසරේ ධනුෂ් ප්‍රධාන චරිතයෙන් රඟපෑ ‘කර්නන්’ චිත්‍රපටය හරහා මාරි තම සිනමා මුද්‍රාව නැවත වරක් සටහන් කරන්නේ ජනප්‍රිය සිනමාවේ ලක්ෂණත්, කලාත්මක ධාරාවේ චිත්‍රපට ලක්ෂණත් මුසු කරමින්. මාරි සෙල්වරාජ්ගේ සිනමාවේ ඔහු දකුණු ඉන්දියානු කලාපයේ පවතින සාමාජියමය ගැටලු සාකච්ඡා කරයි. මාරි සෙල්වරාජ් පැවසුවේ ‘Vaazhai’ චිත්‍රපටය හරහා තමන්ගේ ළමා කාලය වෙත නැවතත් යන්නට හැකි වූ බවත් චිත්‍රපටය රූගත කළ තමිල්නාඩු ප්‍රාන්තයේ ‘තූත්තුකුඩි’ ප්‍රදේශය තමන්ගේ උපන්ගම වූ නිසාවෙන් චිත්‍රපටය වඩාත් සමීපව දැනුණු බවයි. මාරි සෙල්වරාජ් ද පාසල් යන වයසේ සිටම ඔහුගේ ගමේ තිරගත වූ එමි.ජී.ආර්, රජිනි කාන්ත්ගේ සහ කමල් හසන්ගේ චිත්‍රපට නැරඹු බවයි. ඔහු මේ චිත්‍රපටයෙන් සාකච්ඡා කරන්නේ තම ළමා කාලයේ සිදු වූ අත්දැකීම් ද ආශ්‍රය කරගෙනය. ළමා කාලය පිළිබඳ විචිත්‍රවත් හා සංවේදී චිත්‍රයක් සහ කටුක යථාර්ථය සමඟ ගැටුමක් සිත්තම් කරන්නට දරන ලද වෑයම මාරි සෙල්වරාජ්ගේ සිනමා තිර රචනය පුරා කැපී පෙනෙයි.
‘Vaazhai’ චිත්‍රපටය තනිකරම සිනමා වැඩබිමකි. අපුරු සිනමාලංකාරයකි. කැමරාව ත්‍රිපාදයක තබා අචලව වස්තුව පමණක් චලනය වන රූප රාශියකින් චිත්‍රපටය පුරවයි. දුර රූප, මධ්‍යම රූප සංස්කරණය වීම හරහා රූප භාෂාවෙන් චිත්‍රපටයේ කතාව හසුරුවයි. මිස්-සොන්-සේන් සිනමා ශිල්ප ක්රමයන්හි කැමරා අධ්යක්ෂවරයා දක්වන ප්‍රතිභාව ප්රශස්ත ය. චිත්‍රපටය 80%ක් මෙන් පොහොසත් කරන්නේ කැමරා ඇසයි. කැමරාවේ නිශ්චලබව, රූප පරිමාව (shot scale), රූපයේ කාලය (The duration of the single shot), සංස්කරණයේ ස්වභාවය (The pace of editing) ආදී මනාව සමබර කරමින් චිත්‍රපටය සිනමාලංකාරයක් බවට හරවයි. චිත්‍රපටයේ කොල පැහැය සහ කළු සුදු වර්ණ මාතිකාව චිත්‍රපටයේ ඇති පරිසරය, වියළි බව, දරිද්‍රතාවය, කටුක බව, පරිසරය පිළිබඳ මෙි ගම්මාන වැසියන්ගේ සබැඳීයාව නියෝජනය කරති.
චිත්‍රපටය පුරා සමෝධානිත සංස්කරණ (montage editing) රීතියකින් චිත්‍රපටයට අවශ්‍ය වන අරුත් තීව්ර කරයි. නිදර්ශනයක් ලෙස සිවනයින්දන්ගේ කුසගින්න පිළිබඳ දර්ශනය ඉදිරිපත් කිරීම කැපී පෙනෙන අපුරු සංස්කරණ වික්‍රමයකි. කිකිළියන් සමඟ සිටින කුකුළු පැටවුන්ගේ කෑම සොයා යන රූප පෙළත්, කෙසෙල් කැන් කපන්නට පිටත්වන ලොරියේ රූප පෙළ ඔස්සේ අරුත් ජනනය කරයි. චිත්‍රපටයේ පසුබිම සංගීතය මෙහෙයවා ඇති ප්‍රවීණ චිත්‍රපට සංගීත අධ්යක්ෂ ‘සන්තෝෂ් නාරායන්ගේ’ පසුබිම සංගීතය චිත්‍රපටය පොහොසත් කරයි. සිවනයින්දන් සහ සේකර් යන චරිත ද්විත්වය නිරූපණය කරන ළමා නළු ‘පොන්වෙල්’ සහ ‘රාගුල්’ මුළු ප්‍රේක්ෂකාගාරයේම අවධානය නතුකර ගන්නා චරිත දෙපළක් බවට පත් වෙති.
‘Vaazhai’ චිත්‍රපටය 2024 වසරේ තිරගත වු හොඳම දමිළ චිත්‍රපටවලින් එකක් ලෙස විචාරකයන් හඳුන්වන අතර ඇතැම් විචාරකයන් සඳහන් කරන්නේ මාරි සෙල්වරාජ් මෙතෙක් අධ්‍යක්ෂණය කළ හොඳම චිත්‍රපටය මෙය බවයි. ‘Vaazhai’ හද සසල කරන පුවතකින් කතාව සැරසී ඇත. සිනමාපටය අහිංසක වූ එකක් නමි නොවේ. චිත්‍රපටයේ කතාව 1900 දශකයේ වූව ද සමාජයේ පවතින පීඩනය සහ පන්ති විෂමතාවය මඟින් ළමයෙකුගේ අසිරිමත් ළමා කාලය බඩගින්න වෙනුවෙන් යොදවන ශ්‍රමයේ සුරාකෑම පිළිබඳ ඛේදාන්විත ස්වභාවයකින් නිරූපණය කරයි. හුදු පුද්ගල චරිතාපදාන ස්වභාවය ඉක්මවා යන හරවත් සමාජ ප්රකාශනයක නිරත වන චිත්‍රපටයකි. ළමා චිත්‍රපට නිර්මාණකරණයේ සුප්‍රකට සිනමාකරුවකු වන ඉරාන ජාතික මජිඩි මජිඩිගේ ළමා චිත්‍රපටවල දක්නට ලැබෙන ශෛලිය ගැබිව ඇත. කුඩා ළමයෙකුගේ අසිරිමත් ළමා කාලයත්, ඔහුගේ සිහින අහිමිවීම පිළිබඳ කියැවෙන ‘Vaazhai’
දමිළ චිත්‍රපටය නැවත නැවතත් අවධාරණය කරන්නේ දිළිඳුකම ඔස්සේ ජනතාව විඳීන අසිමිත පීඩනයයි.
The post දිළිඳුකමින් බැට කන ජීවිතවල සෙලියුෙලායිඩ් පුනරූපණය appeared first on සරසවිය.