ශ්රී ලංකා ‘ඒ’ ක්රිකට් කණ්ඩායම අද (7) පාකිස්තාන තරග සංචාරය සඳහා පිටත්ව යෑමට නියමිතය.
මේ සංචාරයේදී ශ්රී ලංකා ‘ඒ’ පිල නිල නොවන සිව්දින ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තරග 3ක් ක්රීඩා කිරීමට නියමිත අතර, මේ තරගාවලි දෙක සඳහා වෙන වෙනම නායකයන් පත් කිරීමට තේරීම් කමිටුව කටයුතු කර තිබේ.
ඒ අනුව පසිඳු සූරියබණ්ඩාර සිව්දින කණ්ඩායම මෙහෙයවන අතර, එක්දින කණ්ඩායමේ නායකයා ලෙස නුවනිඳු ප්රනාන්දු පත් කර තිබේ.
මින් පෙර පැවති ‘ඒ’ කණ්ඩායමේ දකුණු අප්රිකානු සංචාරයේදී සිව්දින සහ එක්දින කණ්ඩායම් ද්විත්වයේම නායකත්වය පසිඳු සූරියබණ්ඩාරට පැවරී තිබූ අතර, ආසියානු නැඟී එන කණ්ඩායම් තරගාවලියේදී නුවනිඳු ශ්රී ලංකා පිලට නායකත්වය දුන්නේය. කෙසේ වෙතත් ඔහුට සිව්දින සංචිතයේ ස්ථානයක් හිමිව නැති අතර, පසිඳු සංචිත ද්විත්වයටම ඇතුළත්ව සිටී.
කණ්ඩායම් දෙකටම ක්රීඩකයන් 15 දෙනකු බැගින් ඇතුළත්ව ඇති අතර, පවන් රත්නායක, සොනාල් දිනූෂ, දිනුර කලුපහන, අහන් වික්රමසිංහ සහ වනුජ සහන් ද සංචිත ද්විත්වයටම ඇතුළත්ව සිටිති.
දකුණු අප්රිකානු සංචාරයට එක් නොවූ නිපුන් ධනංජය, පුලිඳු පෙරේරා, විශ්ව ප්රනාන්දු, නිසල තාරක, අශේන් ඩැනියෙල් මේ සංචාරයට එක්ව සිටිති. එම සංචාරයට එක් වූ ඒෂාන් මාලිංග සහ ළහිරු උදාර එක්දින සංචිතයට පමණක් නම් කර ඇති අතර, නිපුන් රන්සික එක්දින තරග සඳහා කැඳවා ඇත.
මේ සංචාරයේ සියලු තරග ඉස්ලාමාබාද්හිදී පැවැත්වෙන අතර, සිව්දින තරග දෙක මේ මස 11 සහ 18 වැනිදා ආරම්භවීමට නියමිතය. එක්දින තරග 3 මේ මස 25, 27 සහ 29 දිනවල පැවැත්වේ.
සිව්දින සංචිතය: පසිඳු සූරියබණ්ඩාර (නායක), නිපුන් ධනංජය, ඕෂධ ප්රනාන්දු, පුළිඳු පෙරේරා, පවන් රත්නායක, සොනාල් දිනූෂ, අහන් වික්රමසිංහ, විශාද් රන්දික, වනුජ සහන්, විශ්ව ප්රනාන්දු, ඉසිත විජේසුන්දර, චාමික ගුණසේකර, නිසල තාරක, අෂේයින් ඩැනියල්, දිනුර කලුපහන.
එක්දින සංචිතය: නුවනිඳු ප්රනාන්දු (නායක), ළහිරු උදාර, කමිල් මිශාර, පසිඳූ සූරියබණ්ඩාර, පවන් රත්නායක, සහන් ආරච්චිගේ, අහන් වික්රමසිංහ, සොනාල් දිනූෂ, දිනුර කලුපහන, දුෂාන් හේමන්ත, කවිඳු නදීෂාන්, වනුජ සහන්, එෂාන් මාලිංග, ඩිල්ෂාන් මදුශංක, නිපුන් රංසික.
The post පසිඳු සහ නුවනිඳුගේ නායකත්වයෙන් ශ්රී ලංකා ‘ඒ’ පිල අද පාකිස්තානයට appeared first on දිනමිණ.