රුපියල් 1,50,000ක මුදලක් අල්ලසක් ලෙස ලබාගත් රාගම ප්‍රාථමික විදුහලක විදුහල්පතිනියක් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
2025 වසර සඳහා පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළත් කිරීම සඳහා රාගම මත්තුමගල ප්‍රදේශයේ කාන්තාවකගෙන් එම මුදල අල්ලස් වශයෙන් ඉල්ලා එය පාසලේ කාර්යාලය තුළදී ලබා ගනිද්දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
The post පාසලට සිසුවෙකු ඇතුළත් කර ගැනීමට අල්ලස් ගද්දී විදුහල්පතිනිය මාට්ටු appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.