තරඟ දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – නවසීලන්ත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය හෙට (09) ආරම්භ වේ.
තරඟය රාත්‍රී 7ට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භවීමට නියමිතයි.
චරිත් අසලංකගේ නායකත්වයෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත්, කමිදු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂ ඇතුළත් වේ.
එමෙන්ම, වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩර්සේ, චමිදු වික්‍රමසිංහ, නුවන් තුෂාර, මහීෂ පතිරණ, බිනර ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු ද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්.
දෙරට අතර පන්දුවාර 20 දෙවන තරගය අනිද්දා දඹුල්ල ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.
The post ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු විස්සයි විස්ස තරඟය හෙට appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.