සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර තරඟ දෙකකින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟය අද (09) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
රාත්‍රී තරඟයක් ලෙසින් පැවැත්වෙන මෙය ප.ව. 7ට ආරම්භවීමට නියමිතව ඇත.
චරිත් අසලංකගේ නායකත්වයෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත්, කමිදු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂ ඇතුළත් වේ.
එමෙන්ම, වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩර්සේ, චමිදු වික්‍රමසිංහ, නුවන් තුෂාර, මහීෂ පතිරණ, බිනර ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු ද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්.
දෙරට අතර පැවැත්වෙන 10 වැනි විස්සයි 20 තරගාවලිය මෙයයි.
ඉන් තරගාවලි 5ක ජය තහවුරු කරගැනීමට නවසීලන්තය සමත්ව සිටින අතර, අවසන්වරට පැවැත්වූ තරගාවලි 4 හිම ජය තහවුරු කරගෙන සිටින්නේද ඔවුන්ය.
ශ්‍රී ලංකාවට මේ දක්වා ජයගැනීමට හැකිව ඇත්තේ එක් තරගාවලියක් පමණක් වන අතර, තරගාවලි තුනක් ජයපරාජයෙන් තොරව අවසන් වී ඇත.
දෙරට අතර පන්දුවාර 20 දෙවන තරගය අනිද්දා දඹුල්ල ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.
The post ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු විස්සයි විස්ස තරඟය අද appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.