දකුණු අප්රිකානු කණ්ඩායමේ හිටපු දක්ෂ පිතිකරුවෙක් වන නීල් මැකෙන්සි කෙටි කාලයක් සඳහා ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස පත්කර ඇතැයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
ඒ අනුව, ශ්රී ලංකා කණ්ඩායමේ ක්රීඩකයින් කිහිපදෙනෙක් පූර්ව තරගාවලි පුහුණුවකට ඊයේ රාත්රීයේ දකුණු අප්රිකාව බලා පිටත්ව ගොස් ඇත.
ධනංජය ද සිල්වා, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු කුමාර, ප්රභාත් ජයසූරිය, නිශාන් පීරිස්, මිලාන් රත්නායක, කසුන් රාජිත සහ ලසිත් ඇඹුල්දෙණිය මෙලෙස දකුණු අප්රිකාව බලා පිටත්ව ගිය ක්රීඩකයෝ වෙති.
දකුණු අප්රිකාව සහ ශ්රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය නොවැම්බර් 27 වැනිදා ඩර්බන් හිදී ආරම්භ වන අතර දෙවැනි ටෙස්ට් තරගය දෙසැම්බර් 05 වැනිදා ආරම්භ වෙයි.
The post ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට උපදේශක පුහුණුකරුවෙක් appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.