කොළඹ කොටුව සිට බදුල්ල බලා ගමන් කරමින් තිබූ අංක 1045 දරණ රාත්රි තැපැල් දුම්රියේ ගමන් කරමින් සිටි තරුණියක හපුතලේ දුම්රිය ස්ථානයේ දී දුම්රියෙන් ඇද වැටීමෙන් බරපතළ තුවාල ලබා ඇතැයි හපුතලේ පොලිසිය පවසයි.
එලෙස අනතුරට ලක්ව ඇත්තේ, කුමාරවඩු රිද්සා සඳමිණි නැමැති අරලිය උයන, මාවඩවිල, රත්ගම ලිපිනයේ පදිංචි 21 හැවිරිදි විශ්ව විද්යාල සිසුවියක බවද පොලිසිය පැවසීය.
ඇල්ල ප්රදේශයේ සංචාරයක් සදහා ඇය ඇතුළු 18 දෙනෙකු පැමිණෙමින් සිටියදී උදෑසන 6.30 ට පමණ හපුතලේ දුම්රිය ස්ථානයේ දුම්රිය නැවැත් වූ අවස්ථාවේ දි ඉන් බැස නැවත දුම්රිය ගමන් ගන්නා අවස්ථාවේ දී එයට ගොඩවීමට යාමේදී ඉන් අදවැටී ඇති අතර එහිදි ඇයගේ වම් පාදයේ විලුඹ මතින් දුම්රිය ගමන් කිරිමෙන් මෙම අනතුර සිදුව ඇති බවට කරුණු අණාවරණය වී ඇත.
අනතුරින් පසුව ඇය කඩිනමින් ප්රතිකාර සදහා දියතලාව මුලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර හපුතලේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
The post සරසවි සිසුවියක් දුම්රියෙන් ඇද වැටෙයි appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.