සත්කාරක ශ්‍රී ලංකා සහ නවසීලන්ත කණ්ඩායම් අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (17) පැවැත්වේ.
ශ්‍රී ලංකා – නවසීලන්ත තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඩක්වර් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 45කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
ඒ වසර 9කට පසුව නවසීලන්තයට එරෙහිව එක්දින තරගයක් ජය ගනිමිනි.
ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ මේ වන 1ට බින්දුවක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන සිටියි.
අද තරගය ශ්‍රී ලංකාව ජය ගතහොත් තවත් තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාවට එක්දින තරගාවලිජය ජය හිමිවනු ඇති.
අද තරගය සඳහා කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් ඊයේ (16) පුහුණුවීම්වල නිරත විය.
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන තරගය අද පස්වරු 2යි 30ට ආරම්භ වීමට නියමිතයි.
The post ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි එක්දින තරගය අද appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.