ජාතික ජන බලවේගයට ශක්තිමත් ජනවරමක් ලබාදීම සඳහා උනන්දු වූ, වෙහෙස වූ සියලු ජනතාවට ස්තූතිවන්ත වෙනවා මෙවර මැතිවරණයෙන් සතුටට පත්වන කණ්ඩායමක් සහ කම්පාවට පත්වන කණ්ඩායමක් ලෙස කණ්ඩායම් දෙකක් නැහැ ජාතික ජන බලවේගය අපේක්ෂා කරන අරමුණ ඉටු කිරීමට සියලු ජනතාවගේ සහාය සහ විශ්වාසය අවශ්‍යයි මෙම මැතිවරණයේ ප්‍රතිඵල යනු පීඩාවට පත් වූ ජනතාවගේ නිදහස ආමන්ත්රණයයි. ඔවුන්ට මේ නිදහස අවශ්‍ය වී තිබුණා අපේ ජයග්‍රහණය විශාල වගේම ජයග්‍රහණය විසින් අප වෙත වන වගකීමේ බරද ඒ හා සමානයි
ඒ වෙනුවෙන් අපි එක්ව වැඩ කරමු ! අභිනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව ජනපති කියයි
අමාත්‍යවරුන්ට හිමිවූ අසීමිත බලය වගකීමෙන් හැසිරවිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.