දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීමට අදාළව සියලුම පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ තොරතුරු ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු වෙබ් අඩවිය හරහා අදාළ තොරතුරු ඇතුළත් කිරීමේ පහසුකම් සළසා ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.