මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියාගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙන් තිබියදී සොයාගත් බව පොලිසිය පවසයි.
මෙම සිදුවීම අද (18) දහවල් සිදු වී ඇති අතර, සිද්දියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ, වන්නම්මඩුව ලබුනෝරුව ප්රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි වියෙහි පසුවූ ලොකුබණ්ඩාගේ සුනෙත්රා කුමාරි නමැත්තියක බව පොලීසිය කියයි.
සිය බිරිය ඝාතනය කිරීමෙන් පසු එම සැකකාර සැමියා 60 හැවිරිදි වියෙහි පසුවූ සිය නැන්දනියට ද තියුණු ආයුධයකින් පහර දී බරපතළ තුවාල සිදුකර ඇතැයි පොලිසිය පවසයි.
තියුණු ආයුධයකින් කළ එම පහරදීම් හේතුවෙන් බරපතළ තත්වයේ පසුවූ එම කාන්තාව අසල්වාසීන් එක්ව කඩිනමින් ප්රතිකාර සදහා පයිරිමඩුව රෝහලට ඇතුළත් කිරීමට පියවරගෙන තිබිණි.
බරපතල තත්වයේ පසුවන එම කාන්තාව මේ වනවිට වැඩිදුර ප්රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහල වෙත මාරු කර යවා ඇති බව සඳහන්.
මෙම සිද්දිය සම්බන්ධයෙන් මොරගොඩ පොලිස් ස්ථානය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
The post බිරිය මරා නැන්දණියටත් පහර දී සැමියාත් සියදිවි නසාගෙන appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.