2026 තරුණ ඔලිම්පික් ක්රීඩා තරගාවලියට සහ 2028 ඔලිම්පික් තරගාවලියට , දුනු විදීමේ ඉසව්වෙන් සහභාගී වීමට නියමිත ශ්රී ලාංකික ක්රීඩක ක්රීඩිකාවන් පුහුණු කිරීම සදහා , ලොව අංක එකේ දුනු විදීමේ පුහුණුකරුවෙකු වන දකුණු කොරියානු ජාතික කිම් හියුම් ටක් ( Kim Hyung Tak ) මහතා ඊයේ රාත්රීයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
ඔහු මෙම පුහුණු වැඩසටහන අද 19 දින සිට 23 දින දක්වා ඔලිම්පික් නිවහනේ දී පැවැත්වීමට සැළසුම් කර තිබේ.
කිම් හියුම් ටක් මහතා දකුණු කොරියාවේ දුනු විදීමේ පුහුණුකරු ලෙස වසර ගනනාවක් සේවය කර ඇති අතර , ඔහු 1984 වසරේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ඔලිම්පික් තරගාවලියේ දී දකුණු කොරියාවට ප්රථම රන් පදක්කම , දුනු විදීමේ ඉසව්වෙන් ලබා දීමට කටයුතු කර තිබුණි .
කිම් හියුම් ටක් මහතා , ඔහුගේ බිරිඳ ද සමග ඊයේ (18) සවස 05.40 ට දකුණු කොරියාවේ ඉන්චියොන් නුවර සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.471 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් පිළිගැනීම සදහා ශ්රී ලංකා දුනු විදීමේ සංගමයේ , ශ්රී ලංකා ඔලිම්පික් කමිටුවේ සහ මොහු මෙරටට ගෙන ඒමට මූලිකව කටයුතු කළ ඇරෝ ඩයිනමික් ස්පෝර්ට්ස් ඇකඩමියේ නිලධාරීන් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
The post ලොව අංක 01 දුනු විදීමේ පුහුණුකරු දිවයිනට appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.