හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.
රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේදී ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙහි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ දෙසුමක් පැවැත්වීමට ද නියමිතය.
උසස් අධ්‍යාපන ආයතනයේ සිසුන් මෙන්ම මවුපියන්ගේ සහභාගීත්වයෙන් ලබන සිකුරාදා (22) සවස 6ට මෙම දෙසුම පැවැත්වේ.
හිටපු ජනාධිපතිවරයා ලබන 30 වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
The post හිටපු ජනාධිපති රනිල් ඉන්දියාවට appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.