2024 වර්ෂයේ රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා තෙවන පාසල් වාරයේ පළමු අදියර 2024.11.22 වන සිකුරාදා දිනෙන් අවසන් වන අතර ඒ අනුව හෙට දිනයෙන් පසු පාසල් නිවාඩු කාලය ආරම්භ වේ.
මුස්ලිම් පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර නිමා වන්නේ 2024. 12.13 වන සිකුරාදා දින වන අතර එම දිනට පසු දා සිට එම පාසල් නිවාඩුව ආරම්භ වේ.
සියලු ම පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර ආරම්භ කරමින් පාසල් නැවත ආරම්භ වන්නේ 2025 වර්ෂයේ ජනවාරි මස 02 වන බ්රහස්පතින්දා (2025.01.02) දිනයේ දී ය.
The post පාසල් නිවාඩුව හෙටින් පසු ඇරඹෙයි appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.