මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ (25) රාත්‍රියේ සිට කඩින් කඩ අධික වර්ෂාව පතිත වීමත් සමග ප්‍රදේශය පුරා ඝන මීදුම් තත්ත්වයක් හට ගැනීම හේතුවෙන් ජන ජීවිතයට මෙන්ම රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇත.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල සිට හැටන් දක්වාත්, හැටන් සිට නුවරඑලිය සහ අතුරු මාර්ග වල මෙම ඝන මීදුම් තත්ත්වය පැවතීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇත.
පවතින ඝන මීදුම් තත්ත්වය සහ අධික වර්ෂාව හේතුවෙන් එම මාර්ග වල රථ වාහන ධාවනය කිරීමේදී ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වා සෙමින් රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
මේ අතර අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් නුවරඑලිය රාගල පාර ඊයේ රාත්‍රි 8 සිට වසා දමා තිබේ.
කඳපොල අලුත්පාර ප්‍රදේශයේ පාලම අවහිරවීමෙන් සම්පූර්ණ ප්‍රදේශයම ගංවතුරෙන් යටවීම නිසා සියලුම ප්‍රවාහන සේවාවන් නතර වී තිබේ.
එමෙන්ම, බොහෝ තේ වතුවතුවල ලයින් කාමර විශාල ප්‍රමාණයක් යට වී තිබෙන බවද වාර්තා වෙයි.
ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පැවසිය.
The post මධ්‍යම කදුකරයට තද වැසි – නුවරඑලිය – රාගල පාර වසා දමයි appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.