පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කැලණි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව සීතාවක, දොම්පේ, හෝමාගම, බියගම, කඩුවෙල, කොලොන්නාව, කොළඹ සහ වත්තල යන ප්රා.ලේ කොට්ඨාස වලට ඉදිරි පැය 48 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව සඳහන්.
මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ.
මේ අතර කලා ඔය නිම්නයේ පහත්බිමි ප්රදේශවල ජීවත් වන ජනතාවට වාර්මාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
මේ අනුව, නොච්චියාගම, රාජාංගණය, වනාතවිල්ලුව සහ කරුවලගස් වැව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පහත්බිම්වල ජනතාව මේ සම්බන්ධයෙන් අවදානය යොමු කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මේ වන විට රාජාංගනය ජලාශයේ වාන් දොරටු දහයක් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝණ අඩි දස දහසක ජලධාරිතාවක් කලා ඔයට මුදා හැරෙනවා.
The post කැලණි සහ කලා ඔය අවට ජනතාවට ගංවතුර අවදානමක් appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.