වව්නියාව දිස්ත්‍රීක්කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවන් හේතුවෙන් වව්නියාවේ වැව් 125 ක් පමණ මේ වන විට වාන් දමා තිබෙන අතර වැව් 3 ක් කැඩී ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පවසනවා.
වැව්නිමා පුරවරය නොහොත් වව්නියාවේ කුඩා වැව්, මධ්‍ය පරිමාණයේ වැව් සහ මහවැව් 600 කට ආසන්න ඇති අතර මේ වන විට සියලුම වැව් වාන් දැමීම ආරම්භ වී තිබෙනවා.
වව්නියාව සෙට්ටිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රාමයන්කුලම් වැව, අරවිතොට්ටම්හි පිහිටි නාගරයාන්කුලම් වැව සහ ඔ්මන්ත මඩත්තුවිලාන්කුලම් වැව අධික වර්ෂාවන් හේතුවෙන් කැඩී ගොස් ඇති අතර කැඩී ගිය වැව් බැම්ම යුදහමුදාව සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව තාවකාලිකව පිළිසකර කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම කුඩා වැව් වලට අමතරව මහවැව්ද වාන් මට්ටමට පැමිණ ඇති බැවින් වාන් ජලය නිසාවෙන් පහත් බිම්වල සිටින ජනතාවට ගංවතුර තත්ත්වයක් ඇති වීමට ඉඩ ඇති බැවින් අවධානයෙන් සිටින ලෙසටද වව්නියාව ආපදා කළමනාකරණ නිලධාරී කාර්යාලය විසින් ජනතාවට දැනුම් දී තිබෙනවා.
The post වව්නියාවේ වැව් 125 ක් වාන් දමයි – වැව් 3 ක් කැඩී ගිහින් appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.