අස්වැසුම සුබසාධක ප්රතිලාභ වැඩසටහනට අයදුම්කිරීමට ලබාදුන් අතිරේක සහන කාලය නැවත වරක් දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව අස්වැසුම වැඩසටහන සඳහා අයදුම් කිරීමට ලබාදුන් සහන කාල සීමාව 2024.12.09 දක්වා දීර්ඝ කිරීමට සුබසාධක ප්රතිලාභ මණ්ඩලය තීරණය කර තිබෙන බවයි පැවසෙන්නේ.
අස්වැසුම ප්රතිලාභී යෝජනා ක්රමය සඳහා මෙතෙක් අයදුම් කිරීමට නොහැකි වූ පවුල් සහ තැනැත්තන් හට ඊට අයදුම් කිරීම සඳහා 2024.11.25 දින සිට 2024.12.02 දක්වා සහන කාලයක් මීට පෙර ලබා දී තිබුණා.
නමුත් රට තුළ පවතින අයහපත් කාලගුණික තතත්ත්වය සැලකිල්ලට ගෙන මෙලෙස කාලය නැවත වරක් දීර්ඝ කිරීමට පියවර ගත් බව අදාළ නිවේදනයේ සඳහන් වේ.
The post අස්වැසුම ගැන දැනුම් දීමක් appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.