ඉකුත් නොවැම්බර් මස 10 වනදා ලග්ගල පොලිස් වසමේදී ව්‍යාපාරිකයෙකුට අවි පෙන්වා බියගන්වා රුපියල් කෝටි 06කට අධික වටිනාකමකින් යුත් නිල් මැණික්, රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑමකට සම්බන්ධ පුද්ගලයන් 09 දෙනෙකු ඊයේ (29) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, මාවතගම හා පොල්පිතිගම පොලිස් වසම්වලදී යි.
ඔවුන් විසින් කොල්ලකන ලද රුපියල් කෝටියකට අධික මුදලක්, රන් පවුම් 07ක් සහ අපරාධය සඳහා භාවිතා කළ සෙල්ලම් පිස්තෝල 02ක්, පිහියක් සහ වෑන් රථයක්ද පොලීසිය සිය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර චීවරධාරියෙක්ද සිටින අතර, ඔවුන් අවුරුදු 38ත් 49ත් අතර වයස්වල පසුවන වත්තේගම, සපුගස්කන්ද, පොල්පිතිගම, කුරුණෑගල, රත්නපුර හා විල්ගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
The post ලග්ගල කෝටි හයේ මැණික් කොල්ලයට 09ක් අත්අඩංගුවට appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.