මහියංගන මූලිකරෝහලේ නව වෛද්‍ය වාට්ටු සංකිර්ණය රෝහල් අධ්යක්ෂ වෛද්‍ය එච්. එම්. එස්. බණ්ඩාර මහතා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් රෝහලේ මේ වන විටත් නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝගින් දෙදෙනකුගේ අතින් ඉකුත් දා ජනතා අයිතියට පත්කරනු ලැබිය.
රජයේ මහජන මුදල් වැය කරමින් ඉදිකරනු ලබන බොහෝ ගොඩනැගිලි මෙතෙක් දේශපාලඥයන්ගේ සහභාගිත්වයෙන් ජනතා අයිතියට පත් කළ යුගය නිමා කරමින් රුපියල් මිලියන 485 ක වියදමකින් යුතුව ඉදිකරන ලද එම වාට්ටු සංකීර්ණය ඉතා චාම් අයුරින් ජනතා අයිතියට පත් කළේය.
රෝගී ඇඳන් 167 කින් සමන්විත වාට්ටු හතරක් සහ වෛද්‍ය දැඩි සත්කාර ඒකකයක් ලෙස මෙම සිව් මහල් ගොඩනැගිල්ල සැලසුම් කර ඇති අතර සම්පුර්ණ චින රජයේ ප්‍රදානයක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදි.
වසර දෙකකින් එහි කටයුතු නිම කිරිමට බලාපොරොත්තු වුවද පසුගිය වකවානුවේ අප රට මුහුණ දුන් මුල්‍ය අවපාතයත් සමඟ එහි වැඩකටයුතු අඩපණ වී තිබුණද මේ වන විට සියලූ කටයුතු අවසන් කිරිමට හැකි වී තිබෙනවා.
The post මහියංගන මූලික රෝහලේ නව වාට්ටු සංකිර්ණය රෝගීන් අතින් විවෘත කෙරේ appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.