මේ මස 31 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබූ අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 04 කගේ දීමනාව 2025 මාර්තු මස 31 වනදා දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (03) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
එමෙන්ම, එදිනම අවසන් වීමට තිබූ අවදානමට ලක්වූ ප්‍රතිලාභීන් ලක්ෂ 04කගේ දීමනා ද තවත් වසරකින් දිර්ඝ කර ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය.
තවද ලක්ෂ අටක පිරිසකට ලබා දුන් රුපියල් 8,500 ක අස්වැසුම සහන දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කිරීමටද කටයුතු කළ බව අමාත්‍යවරයා පැවසීය.
එසේම, අන්ත දිළිඳු කාණ්ඩයේ ලක්ෂ හතරක පිරිසට ලැබුණු ලැබුණු රුපියල් 15,000 දීමනාව රුපියල් 17,500 දක්වා වැඩි කර තිබෙන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
The post අස්වැසුම් ප්‍රතිලාභීන්ට සුබ ආරංචියක් appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.