සංචාරක බංග්ලාදේශ අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවු. 17න් පහළ කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු තුන් දින ක්‍රිකට් තරගයේ ඊයේ දෙවැනි දිනය නිමා වෙද්දී බංග්ලාදේශ 17න් පහළ පිල කඩුලු 9ක් දැවී ලකුණු 233ක් ලබා සිටියේය.
ශ්‍රී ලංකා පළමු ඉනිම වර්ණවත් කළ කොළඹ සාන්ත පීතර් විදුහලේ 15 හැවිරිදි ජේසන් ප්‍රනාන්දු ශතකය පෙනි පෙනී දැවී යෑම හා ජෝෂුවා සෙබස්තියන්, ගිම්හාන රසාංජන අර්ධ ශතක වාර්තා කිරීමත් සමඟ ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 285ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවිය.
ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 2 ලකුණු 14දී බිඳ වැටුනද තෙවැනි කඩුල්ලට එක්වූ සෙනුජ වෙකුණගොඩ හා ජේසන් ප්‍රනාන්දු තෙවැනි කඩුල්ලට ලකුණු 57ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. ජේසන් ප්‍රනාන්දු පන්දු 163කදී හයේ පහරක් හා හතරේ පහර 10ක් සමඟ ලකුණු 98ක් ලැබූ අතර, සෙනුජ වෙකුණගොඩ ලකුණු 37ක් ලැබීය. 5 වැනි කඩුල්ලට ජේසන් ප්‍රනාන්දු සමඟ එක්වූ ජෝෂුවා සෙබස්තියන් පන්දු 134කදී ලකුණු 102ක සබඳතාවක් ගොඩනැගූ අතර, සෙබස්තියන් ලකුණු 53කට දැවී ගියේය. අංක 8 පිත.ිකරු ලෙස පිටියට පිවිසි ගිම්හාන සංජන ලකුණු 51ක් ලැබීය.
අද තරගයේ තෙවැනි දිනයයි.
ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායම කඩුලු 8කට ලකුණු 285 (ඕවර් 82)
රෙහාන් පීරිස් 10, සෙනුජ වෙකුණගොඩ 37, ජේෂන් ප්‍රනාන්දු 98, කිත්ම විදානපතිරණ 11, ජොෂුවා සෙබස්තියන් 53, ගිම්හාන රසාංජන 51, අතිරේක 10 (මහීර් චෞද්රි 60/2, අහසනුල් හක් 32/2)
බංග්ලාදේශ 17න් පහළ කණ්ඩායම කඩුලු 9කට ලකුණු 233 (ඕවර් 77) රිඩෝයි හොසන් 37, අඩ්රිටෝ ගෝස් , අබ්දුල් රහීම් 28 අතිරේක 16 (රසිත් නිම්සර 29/3, විග්නේෂ්වරන් ආකාෂ් 46/1, අභේත් පරණවිදාන 38/2, කිත්ම විදානපතිරණ 39/1)
The post ජේසන්ගේ ශතකය පෙනි පෙනී අහිමි වෙයි appeared first on දිනමිණ.